ස්ව්ට්සර්ලන්තයේ පාස්කු සමයේ විපස්සනා භාවනා වැඩ සටහන

tmadawela | 06 May, 2017 11:48AM | Leave a comment
චොකලට් මෙන්ම ලොව හොඳම චීස් ද "ස්විස් චිස්' යයි පිළිගැණීමක් තිබේ. ස්ව්ට්සර්ලන්තයේ හොඳම චිස් නිෂ්පාදනය කරණ ප්‍රසිද්ධ නගරය ගෘයියේ නගරය ලෙස ලොවම ප්‍රකටය.

 

මෙම ගමෙහි ඉතාම දර්ශනීය කඳුකරයක තෙමහල් ගොඩනැගිල්ලක් තුළ පාස්කු සමයේ වාර්ෂිකව සිදු කරණ පාස්කු විපස්සනා භාවනා වැඩ සටහන ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ මගපෙන්වීමෙන් මෙවර ද සිදු කෙරිණ.

 

මෙම වැඩ සටහන දින 5 ක් තිස්සේ පාන්දර 5 සිට රාත්‍රි 9 දක්වා දින පතාම සතර ඉරියව්වෙන් ම සිදු කරණ ඉතා ප්‍රායෝගික වැඩ සටහනක් වීම සහභාගීවුන්ට මෙවරද නැවුම් අධ්‍යාත්මික අත්දැකීමක් ලබා දුන් බව පෙණින.

වියැට්නාම ජාතික ථෙරවාද භික්ෂුවරයෙකුවූ අග්ගසාමි මහ තෙරුන් ද ජිනීවා හි ලක්ඛණ හිමි ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ස්විස්,ප්‍රංශ, වියෙට්නාම්, අෆ්‍රිකන්,ලාඕස් හා ශ්‍රී ලාංකික විවිධ ජාතීන් විසි දෙනෙකු පමණ මෙම භාවනා වැඩ සටහනට සහභාගීවූහ.

 

සමන්ත, දිමුතු,බණ්ඩාර, ලක්මිණි, මංජු, වාසනා යන ශ්‍රී ලාංකික මහත්ම මහත්මීන් සාම්ප්‍රදායික වන්දනා ගමනක යන්නාක් මෙන් දුර බැහැර ගෙවමින් ගොස් භාවනා යෝගීන්ට දන් පිරිණැමීමද සුවිශේෂී දසුනක්ම වීය.