පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම

tmadawela | 26 Oct, 2016 07:26PM | Leave a comment
ප්‍රංශයේ පැරිස් නුවර ජේතවන විහාරස්ථානයේ කඨින පිංකම මෙවර පැවැත්වුයේ මහාසංඝරත්නය 16 නමකගේ සහභාගීත්වයෙනි.

විදෙස් රටක පින්කමක් සඳහා මෙතරම් භික්ෂුන් වහන්සේ සංක්‍යාවක් සහභාගී කරවා ගැනීම ඉතාම දුර්ලභ මෙන්ම දුෂ්කර කාර්යයකි. විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමියන්ගේ අනුශාසනාවෙන් සංවිධානය කෙරුනමෙවර පිංකම සඳහා පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ.ආනන්ද හිමි, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන හිමි, විචිත්‍ර භාණක මාපලගම බුද්ධසිරි හිමි, ගලහිටියේ සෝරත හිමි, මානම්පිට අමිත හිමි, කාව්‍ය විශාරද දමුණුපොල සුමනසිරි හිමි, මාපලගම ජිනානන්ද හිමි, කැන්දවින්නේ රාහුල හිමි, කහත්තවෙල සුගතසිරි හිමි සමඟ පැරිස් නුවර පිහිටි අනෙකුත් විහාරස්ථාන නියෝජනය කරමින් කාම්බෝජ, වියට්නාම, චීන, බුරුම සහ බංගලාදේශ හිමිවරු 16 නමක් සහභාගී වුහ.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා ඇතුළු ශ්‍රී ලාංකික, ප්‍රංශ, වියට්නාම, චීන, බුරුම, ලාඕස ජාතික බෞද්ධ සදහවතුන්ද මෙම පිංකම සඳහා සහභාගී වුහ.