Sri Lankan Minister's name mentioned in baby elephant smuggling

Admin | 13 Aug, 2014 08:23AM | Leave a comment
මහනුවර ප්‍රදේශයේ සිට මාතලේ උකුවෙල රත්වත්ත ප්‍රදේශය දක්‌වා තිරිඟු පිටි ප්‍රවාහනය කරන ලොරි රථයකින් අලි පැටවකු ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (12 වැනිදා) පස්‌වරුවේ ඒ 9 මාර්ගයේ බලකඩුව ප්‍රදේශයේදී මාතලේ පොලිසිය මගින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් අලි පැටවා වයස අවුරුදු තුනක්‌ පමණ වන බවත් අසනීප තත්ත්වයෙන් පසුවූ අලි පැටියා ගිරිතලේ අලි සංරක්‍ෂණාගාරයට භාරදීමට පියවර ගත් බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් ලොරිය මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් වන අතර ත්‍රිකුණාමලයේ සිට මහනුවරට නිතිපතා පිටි ප්‍රවාහනය කරන ලොරියක මෙසේ අලි පැටවා ප්‍රවාහනය කර ඇත.

අලි පැටියාගේ හිමිකරුවන් පිළිබඳව හා අනන්‍යතාවය පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්‌සේ මාතලේ පොලිසිය විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

සීගිරිය - සරත් එරමිණිගම්මන