Mobitel e-store introduce MyStore.lk

Ziggy | 12 Aug, 2014 04:11PM | Leave a comment
ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගම, MyDeal.lk සමඟ එක්‌ව MyStore.lk නමින් නවතම භාණ්‌ඩ විකිණුම් වෙබ් අඩවියක්‌ දියත් කිරීමට පියවර ගෙන ඇත. මෙම වෙබ් අඩවිය මෙරට විශාලතම භාණ්‌ඩ විකිණුම් වෙබ් අඩවිය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එමෙන්ම භාණ්‌ඩ මිලදී ගැනීම සඳහා කඩසාප්පු වෙත යැමේ අවශ්‍යතාව මඟහරවාලමින් MyStore.lk වෙබ් අඩවිය මෙරට පාරිභෝගිකයන්ගේ භාණ්‌ඩ මිලදී ගැනීමේ අත්දැකීම මුළුමනින්ම වෙනස්‌ කරන අත්දැකීමක්‌ වනු නොඅනුමානය.

MyStore.lk වෙබ් අඩවිය ඔස්‌සේ පාරිභෝගිකයන් හට පරිගණක, කැමරා, දුරකථන සහ ටැබ්ලට්‌ උපාංග ආදියේ සිට රූපලාවන්‍ය හා පෞද්ගලික සනීපාරක්‍ෂක නිෂ්පාදන, ගෘහ හා මුළුතැන්ගෙයි උපාංග, ගෘහභාණ්‌ඩ, රෙදිපිළි, ආභරණ, සෙල්ලම් බඩු, පොත්පත් ඇතුළු තවත් බොහෝ දේ මිලදී ගත හැක.

තම පාරිභෝගිකයන්ට භාණ්‌ඩ මිලදී ගැනීමේදී කිසිදා අමතක නොවන අත්දැකීමක්‌ තිළිණ කිරීම ඵහීඑදරුගකන සේවාවන්හි මූලික අරමුණ වී ඇත. MyStore.lk සහ මෙරට ප්‍රමුඛ පෙළේ පාරිභෝගික සන්නාම මෙන්ම අනෙකුත් බොහෝ සන්නාමයන් සමඟ වසර ගණනක්‌ පුරා පැවැත්වූ සාර්ථක සබඳතාවන් තුළින් ඵහීඑදරුගකන වෙබ් අඩවිය පුළුල් භාණ්‌ඩ හා සේවා සපයන වෙබ් අඩවියක්‌ බවට පත්කිරීමට මඟපෑදී ඇත.

සිංගර් ශ්‍රී ලංකා, දිනපාල සමූහය, ඩෙල්මේඡ් ෙµdර්සිත්, බ්‍රවුන් සහ සමාගම, මෙට්‍රොපොලිටන් සමූහය සහ දයා ව්‍යාපාර යනාදී ප්‍රමුඛ පෙළේ සමාගම් මේ වනවිටත් MyStore.lk සමඟ සම්බන්ධ වී සිටියි. එමනිසා Phillips, Canon, Nikon, Acer, LG, Whirlpool, JBL, Prestige, Sharp, Haier සහ ඊeකනසබ වැනි පුළුල් පරාසයක පැතිරුණු සන්නාමයන්ට අයත් නිෂ්පාදන MyStore.lk තුළදී මිලදී ගැනීමේ අවස්‌ථාව පාරිභෝගිකයන්ට උදාවී ඇත.

"පාරිභෝගිකයන්ට ඉහළම මට්‌ටමේ සේවාවක්‌ ලබාදීම සඳහා හොඳම අන්තර්ජාල ආවරණයක්‌ ඇති කිරීමට මොබිටෙල් සමාගම පසුගිය දශකයක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 500 කට අධික මුදලක්‌ ආයෝජනය කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම අපි LTE සේවා හැකියාව සහිත පදනම් ස්‌ථාන (Base-stations) 1,000 කට අධික ප්‍රමාණයක්‌ එක්‌ කිරීමටද පියවර ගත්තා. ඒ අතින් අප සිටින්නේ ලොව බොහෝ සංවර්ධිත රටවල්වලටත් වඩා ඉදිරියෙනුයි. MyDeal.lk වැනි වේගයෙන් වර්ධනය වන දේශීය සමාගමක්‌ සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට ගෞරවයක්‌. අප සතු තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ දැනුම සමඟින් ඔවුන්ට අත්වැලක්‌ වන්නට ලැබීම අප සලකන්නේ භාග්‍යයක්‌ ලෙසයි". මොබිටෙල් සමාගමේ අලෙවිකරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී නලින් පෙරේරා මහතා පැවැසීය.

-www.divaina.com/