Hambo Lama Itigelov thero

Ziggy | 13 Aug, 2014 09:53AM | Leave a comment
රුසියාවේ ප්‍රධාන සංඝ නායක ධූරය දැරූ "හම්බෝ ලාමා ඉටිගෝව්" හිමියන් මියගියේ මීට වසර 60 කටත් පෙරය. උන්වහන්සේ මියගියේ භාවනා ඉරියව්වේදීමය. පුදුමය නම් උන්වහන්සේගේ මල සිරුර තවමත් පවතින්නේ පුද්ගලයෙකු මියගොස් පැය 36ක් ගතවූ අවස්තාවේ පවතින තත්වය යටතේ වීමයි. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව බොහෝ අය විශ්වාස කරයි. උන්වහන්සේගේ මෘත දේහය සුමුදු පේශීන් සහිතව දුගඳකින් තොරව තවමත් පවතී.
අපගේ බුදුන්වහන්සේට පෙර පහල වූ කාශ්‍යප බුදුන්වහන්සේ ධාතු විසිරේවායි අදිෂ්ඨාන නොකල නිසා උන්වහන්සේගේ ධාතු දේහය උන්වහන්සේගේ ශාසනය නිමාවන තෙක් ඒ ආකාරයෙන්ම පැවතුනු බව ගෞතම බුදුන්වහන්සේ වදාලෝය.. අපගේ බුදුන්වහන්සේ වන ගෞතම බුදු සමිදුන් වසර 5000ක් මාගේ ශාසනය පවතින්නට අන් අයට ධාතු වන්දනා කොට පින් ලැබීමට ධාතු විසිරේවායි අදිෂ්ඨාන කල සේක. උන්වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා තවත් වසර 2443කින් පසු එක් ‍රැස් වී උන්වහන්සේ බුදු බව ලද ගයාවේ බෝමැඩ මුලට එක් වී බුදු රුවක් නිර්මාණය වී අහසට නැග යමා මහා ප්‍රාතිහාර්යය පා අහසේදීම විනාශ වී යන බව බුදු දහමේ සදහන් වේ. එතැනින් ගෞතම බුදු සසුන අවසන් වේ.


- අරඹේපොල හාමුදුරුවෝ