ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානය වෙසක් සමරයි

tmadawela | 04 Jun, 2016 04:43PM | Leave a comment
ප්රංසයේ ජාත්යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙසක් අනුස්මරණය වෙනුවෙන් පුජ්ය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා ඇතිව වාර්ෂිකව සංවිධානය කරණ වෙසක් අනුස්මරණ සංස්කෘතික උත්සවය පසුගියදා බුවා ද වැන්සන්හි පිහිටි බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වුණි. සීල සමාදානය, පිරිත්දේශනය, ධාතු ප්රදර්ශනය, පිණ්ඩපාත දානය, ප්රංශයේ උපන් දු දරුවන්ගෙන් සමන්විතවූ දවුල් කාණ්ඩයම සමග සධාතුක කරඩුව සහිත විවිධ ජාතිකයන්ගෙන් යුක්තවූ බෞද්ධ පෙරහැර, තෙසත්තා ඥාණ පුජාව, වෙසක් අනුස්මරණ උත්සව සභාව, භක්ති ගීත සහ පුජ්ය මස්සෙන්නේ විජිත හිමියන් විසින් පවත්වනලද මා පිය උපහාර පුජවද මෙදින පැවත්වුණි.


පැරිස් නුවර ජේතවන විහාරාධිපති පුජ්ය මුරුංගාගස්යායේ ඤණිස්සර නාහිමි, බුද්ධියාගම සිගල පුරාණ විහාරාධිපති පුජ්ය බැදිගම චන්ද්රලෝක හිමි, පුජ්ය කිරින්දේ ප්රේමසිරි හිමි, ධම්මචක්ක බෞද්ධ විහාරයෙන් පුජ්ය මහගම සූනීත හිමි, පුජ්ය විතාරන්දෙණියේ විමලරතන හිමි, පුජ්ය මාපලගම ජිනානන්ද හිමි, පුජ්ය කුල්ලේවැවේ ආනන්ද හිමි , පුජ්ය බැදිගම මනිරතන හිමි, පුජ්ය පණ්ඩිත කැන්දවින්නේ රාහුල හිමි, රාජකීය පණ්ඩිත පුජ්ය කදුරුපොකුණේ ධම්මාලෝක හිමි, පුජ්ය කහත්තෙවෙල සුගතසිරි හිමි ඇතුළු මහාසංඝ රත්නය සමඟ ප්රංසයේ ශ්රී ලංකා තානාපති තිලක් රණවිරජා මැතිතුමන් ඇතුළු විවිධ ජාතික බෞද්ධයන් මෙන්ම බුදුදහම ගැන උනන්දුවක් දක්වන බොහෝ ප්රංස ජාතිකයන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ප්රවීණ දේශකයෙක් ලේඛකයෙක් මෙන්ම ප්රවීණ රංග ශිල්පියෙකු වන සතිස්චන්ද්ර එදිරිසිංහ මහතාද ධර්මානුකූල දේශනයක් පවත්වනු ලැබිය.