මුළු අහස් කුස ගිඟුම් දී
ඝන වළා පට ඉරි තැලී
මගේ සරතැස නිවා දමමින්
නුබ කුසින් පොළොවට වඩී.....
නොමිලයෙම විඳ ගත හැකී
කාගෙනුත් බාධක නැතී
බොර දියෙන් සිත්තම් මවන්නට
මඬ පෙඟී චිරි චිරි නගී......
දිවි මඟේ විඳි සෝ ගිනී
නිවා සනහයි සිසිලදී
කඳුළු සෝදා ඉවත යවමින්
මගේ තනියට ළඟ හිදී......
-චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය
COMMENT