26th November Heros Commemoration - Uk

29 Nov, 2015 @ 03:00PM - 05:00PM | Organized by JVP Srilanka Commitee in the UK
Date & Time
29 Nov, 2015 @ 03:00PM - 05:00PM
Venue
Vale Fram Sports Centre, Watford Road, Sudbury, HA0 3HG
Organizer
JVP Srilanka Commitee in the UK
ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානි කමිටුව "26 වන ඉල්මහ විරුසමරුව " මෙවරද ලන්ඩනයේදී ඉතා ඉහලින් සැමරීමට රාජධානි කටයුතු යොදා ඇතිබව නෙවේදනය කර ඇත.

ඒසම්බන්ධ නිකුත්කර ඇති පුවත්පත් නිවේදනයක මෙලෙස සඳහන් වෙයි.

1988-89 ඉතිහාසයේ අඳුරුතම යුගයේ අප මාතෘ භුමියේ උස් නිදහසත්, ඒකීය භාවයත් ,සමාජ සාධාරණත්වයත් වෙනුවෙන් සටන් වැද දිවි පිදූ රෝහණ විජෙවීර,ගමනායක,ශාන්ත බණ්ඩාර,රන්ජිතම් ගුණරත්නම්, නිෂ්මි, දීපිකා මුතුහෙට්ටි ඇතුළු දස දහස් ගණනක් සිහිපත් කරන "26 වන ඉල්මහ විරුසමරුව " මෙවරද ලන්ඩනයේදී ඉතා ඉහලින් සැමරීමට ජවිපෙ එක්සත් රාජධානි කමිටුව තීරණය කර ඇත.

බොහෝවිට අද අප ඒ අඳුරුතම යුගයේ ඉල් මහා වීරවරියන් ,විරුවන් දිවි පුදා ලබාගත් බොහෝ ජයග්‍රහණ හා අයිතීන් හා ආදර්ශයන් භුක්තිවිදිමින් විදෙස් ගතව ජිවත් වෙමින් සිටිමු. එසේම සංවිධානය වූ අප සුළු පිරිසක් වසරක් පාසා නිරතුරුව ඔවුන් සිහිකිරීමද කරමු.එසේම අප පක්ෂය වටා එක්වී පසුගිය කාලය මුළුල්ලේම රට වෙනුවෙන් අපමණ කැපවීම් කරමින් ඒ විරුවන්ගේ ප්‍රාර්ථනාවන් ඉටු කිරීම වෙනුවෙන්, පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙමින් සිටිමු. ඒ අපේ යුතුකම හා වගකීම බව තේරුම්ගත් නිසාවෙනි. එහෙත් මේ රටවල ජිවත් වන බොහෝ දෙනා ඒ බව තේරුම් ගත් බවක් නොපෙනෙන අතරම රටවෙනුවෙන් විය යුතු යුතුකම් හා වගකීම් වලින් දුරස්ව ඉතා ආත්මාර්ථකාමී පටු සීමාවන්ට කොටුවී හුදකලාව ජීවත්වීම දැකිය හැකි සැබෑම තත්ත්වයයි. ඒ නිසාම සැබෑ මිනිසුන් ලෙස අප ඔවුන් ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමට සත්‍ය පෙන්වාදීමට උත්සුකවීම වෙන කවරදාකටවත් වඩා වැඩි වගකීමක් හා යුතුකමක් අප වෙත පැවරී ඇති බව තේරුම් ගත යුතුව ඇත. ඒ මග හැර වෙන අන් මගක් නොමැති බව බොරුවෙන්, වංචාවෙන් රැවටීමට ලක් කළ ,දුෂණයෙන්,භීෂණයෙන් හා විවිධ අපරාධයන්ගෙන් පිරුණු 67 අවුරුදු පාලන ඉතිහාසය අද අපට වඩාත් හොඳින් පෙන්වා දෙන ඇත්තයි. සත්‍ය වටහා දීම ඉතා දුෂ්කර කල් ගතවෙන උත්සහයක් ලෙස පෙනුනත් එය කෙසේ හෝ අප කළ යුතුව ඇත. ඒ සඳහා අපට වෙන කාහටත් නැති පරමාදර්ශයන් අප පක්ෂ ඉතිහාසයෙන්ම ලබාදි ඇත. 1971 අප්‍රේල් නැගිටීම හා 1988-89 දේශප්‍රේමී අරගලයේ ආදර්ශයන්, කැපකිරීම් හා අත්දැකීම් ඒ සඳහා වඩ වඩාත් උනන්දුවෙන් හා කැපවීමෙන් අවබෝධ කර ගත යුතුව ඇත.ඒ අතර ඉල්මහ විරුවන්ගෙන් උගත හැකි පාඩම් අපමණය.එබැවින් ඉල් මහා විරුවන් සැමරීම යනු තවත් එක් හුදු සැමරිමක්ම නොවන බව ඔවුන් කියවිමෙන්ම අවබෝධ කළ යුතුව ඇත.