Date & Time
05 May, 2021 @ 10:00AM - 11:00AM
Organizer
Sri Sambodhi Community Development Foundation
වෙසක් මාසය (මැයි) 2021 (2564/65)
වෙසක් මාසයට (මැයි) ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයෙන් සංවිධානය කර තිබෙන ධර්මදේශනා
(වැඩසටහන් සිංහල භාෂාවෙන් පවත්වනු ලැබේ)
සැදැහැවතුනි,
අපගේ Zoom ධර්ම දේශනා මාලාවට ඉතා උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන්, දහම් මඟ වඩා ගැනීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගෙන ඊට සම්බන්ධවන බව ඔබ හැමගේම පණිවිඩ වලින් සහ සහභාගිත්වයෙන් අපට පැහැදිලි වන හෙයින්, තවදුරටත් ඒ කටයුත්ත කරගෙන යාමට එය අපහට ඉමහත් ශක්තියක් බව මුලින්ම කියන්න කැමතියි.
ඔබ සැමදෙනාටම අප ගෞරව පූර්වකව ඊට පුණ්‍යානුමෝදනා කර සිටිනවා.
ඉදිරියේදි සංවිධානය කර තිබෙන ධර්මදේශනා කිහිපයක් පිළිබඳව දැනුම් දීමටද මෙය අවස්ථාවක් කරගන්නවා.
පූජ්‍යපාද සීලගම ඤාණසිරි හිමි විසින් සෑම සතියකම සෙනසුරාදා දින පෙ.ව. 10.00 භාවනා කමටහන් ඇතුලත් ධර්මදේශනා වැඩසටහනක් පැවත්වෙයි; (උපදෙස්- මිනිත්තු 15, භාවනා - මිනිත්තු 45, සාකච්ඡා - මිනිත්තු 30 දක්වා). එයට ඔබටත් පහත සඳහන් සබැඳියෙන් සහභාගිවිය හැක.
ධර්ම දේශනාවන්/භාවනා:
- මැයි 05 බදාදා පෙ.ව. 10.00 - පූජ්‍යපාද පලුගස්වැවේ සද්ධාතිස්ස හිමි (දායකත්වය භාරගෙන ඇත)
- මැයි 10 සඳුදා පෙ.ව. 11.00 - පූජ්‍යපාද අපරැල්ලේ සෝරත හිමි (දායකත්වය භාරගෙන ඇත)
- මැයි 13 බ්‍රහස්පතින්දා පෙ.ව. 10.00 - පූජ්‍යපාද අලව්වෙ අනොමදස්සි හිමි (දායකත්වය භාරගෙන ඇත)
- මැයි 19 බදාදා පෙ.ව. 10.00 - පූජ්‍යපාද පලුගස්වැවේ සද්ධාතිස්ස හිමි (දායකත්වය භාරගෙන ඇත)
- මැයි 24 සඳුදා පෙ.ව.11.00 - පූජ්‍යපාද අපරැල්ලේ සෝරත හිමි (දායකත්වය භාරගෙන ඇත)
- මැයි 26 බදාදා වෙසක් පොහෝ දින පෙ.ව. 9.30 පූජ්‍යපාද සීලගම ඤාණසිරි හිමි
- මැයි 26 බදාදා වෙසක් පොහෝ දින ප.ව. 2.00 පූජ්‍යපාද අපරැක්කෙ ධම්මානන්ද හිමි
- මැයි 26 බදාදා වෙසක් පොහෝ දින ප.ව. 4.30 පූජ්‍යපාද දැලිවල බුද්ධරක්ඛිත (දායකත්වය භාරගෙන ඇත)
- මැයි 27 බ්‍රහස්පතින්දා පෙ.ව. 10.00 - පූජ්‍යපාද පානදුරේ චන්දරතන හිමි (දායකත්වය භාරගෙන ඇත)
- මැයි 30 ඉරිදා, වෙසක් පෝය අට්ඨාංග උපෝසත සිලය, පෙ.ව. 9.30 - පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීපහිමි (දායකත්වය භාරගෙන ඇත)
- මැයි 30 ඉරිදා, වෙසක් පෝය අට්ඨාංග උපෝසත සිලය ප.ව. 2.30 - පූජ්‍යපාද අපරැක්කෙ ධම්මානන්ද හිමි
- මැයි 01, 08, 15, 22, සහ 29 සෙනසුරාදා පෙ.ව. 10.00 - පූජ්‍යපාද සීලගම ඤාණසිරි හිමි (භාවනා කමටහන් ඇතුලත් ධර්මදේශනාවන්) (01, 08 සහ 15 දායකත්වය භාරගෙන ඇත)