ළමා කොටියාට ප්‍රංශ රන් සම්මාන

tmadawela | 26 May, 2015 06:38PM | Leave a comment
හිටපු ළමා සෙබලකු හා නවකතා කරුවකු වන අන්තෝනිදාස් ජේසුදාසන් ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකැර ගත්තේය.

"දීපන්" නම් ප්‍රංශ ත්‍රාසජනක චිත්‍රපටයේ රඟපෑමෙන් ඔහු මේ රන් සම්මානය දිනාගත්තේය. ප්‍රංශයේ ජනාදරයට පාත්‍රවූ චිත්‍රපට අධ්‍යක්ෂ ජකාස් අඩියාඩ් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. අන්තෝනිදාස් ජේසුදාසන් යුද සමයේ ශ්‍රී ලංකාවේ ළමා සෙබලකුගේ චරිතය රඟපෑවේය. ඔහු ද තරුණියක ද නව හැවිරිදි දැරියක ද එක් පවුලක සාමාජිකයන් බව පෙන්වමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ප්‍රංශයට ආහ. පැරිසිය අසළ පහසුකම් අඩු නිවාස පෙළක පදිංචියට ගිය දීපන් තමා සමග සිටි දෙදෙනා මත්කුඩු කල්ලිවල නිරන්තර ගැටුම් වලින් ද ප්‍රදේශාධිපත්‍යයෙන් ද බේරා ගැනීමට ඔහු සටන් බිම අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ඇත.

මෙය එම සම්මාන උළෙලේ ඉහළම සම්මානයයි.

එල් ටී ටී ඊ සංවිධානයේ ළමා සෙබලෙකු ලෙස ශ්‍රී ලංකාවේ යුද්ධයට ක්‍රියාකාරීව සම්බන්දව පසුව ප්‍රංශය වෙත පලාගොස් සරණාගතයෙකු ලෙස ජීවත්වන ජෙසුදාසන් අන්තෝනිදාසන් ලියු නවකතාවක් ඇසුරෙන් ජැකී ඔඩියාර්ඩ් අධ්‍යක්ෂණය කල " දීපම්" නම්වූ ප්‍රංශ චිත්‍රපටය ලොව මහා චිත්‍රපට උළෙල ලෙස සැලකෙන කෑන් චිත්‍රපට උළෙලේ දී ‘‘පාම් දෝ‘‘ රන් සම්මානය හිමිකැර ගත්තේය.

අන්තෝනිදාස් ජේසුදාසන් එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයද රඟපෑවේය.

ජේසුදාසන්වයස 16 සිට කොටි සටන්කරුවෙක් විය. 1993 දී ප්‍රංශයට යාමට පෙර ඔහු ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට ගොස් ඇත. එහි සිට මුදල්ගෙවා ලබාගත් ව්‍යාජ ගමන්පත්‍ර යොදා ගනිමින් ඔහු ද කලින් දැන හැඳිනගෙන නොසිටි වෙනත් දෙමල තරුණියක ද නව හැවිරිදි දැරියක ද එක් පවුලක සාමාජිකයන් බව පෙන්වමින් ප්‍රංශයට ආහ. ප්‍රංශයේ දී ඔහුට දේශපාලන රැකවරණ ලැබිණි.

කෑන් චිත්‍රපට උළෙලේ ප්‍රීති ඝෝෂා හා ඔල්වරසන් මධ්‍යයේ ඔහු වාර්තා කරුවන්ට පැවසුවේ දීපන් චරිතයේ සියයට 50ක් තම කතාව බවයි.

‘‘ මම ප්‍රංශයට ආවේ හොර ගමන් බලපත්‍රයකින්. එහෙම එකක් විතරයි මට හොයා ගන්න පුළුවන් වුණේ. එංගලන්තයට කැනඩාවට පනින්න හොර ගමන් බලපත්‍රයක් හොයාගන්න බැරිවුණා.‘‘ යැයි අන්තෝනිදාස් කීවේය.

ප්‍රංශ බස ඉගෙනීම හරි අමාරු වූ බව ද ඔහු කීවේය. චිත්‍රපටයේ අධ්‍යක්ෂක අඩියාඩ් සමග කෑන් වේදිකාවට ගොඩවුණු ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට යළි යෑම භයානක බවයි. ‘‘2009 යුද්ධය නිල වශයෙන් අවසන් වුණා. අදත් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට පහර දෙනවා. රජයෙන් යුද සිර කරුවන් කී දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්දැයි අපි අදත් දන්නේ නැහැ. අපට සැබැ තොරතුරු නැහැ. ප්‍රංශයේ දී මුදල් සෙවිය හැකි ඕනෑම වැඩක් කරමින් ඔහු කෙටි කතා නාට්‍ය නවකතා ආදිය ලියූ බව කියයි. ඒ කතාවලට ඔහුගේ අත්දැකීම් පාදක වී ඇත.

අඩියාඩ්ගේ චිත්‍රපටයේ රඟපෑමට පෙර අන්තෝනිදාසන් ප්‍රංශයේ දෙමළ කොටින්ගේ විදි නාට්‍යයවල ප්‍රචාරක නළුවෙක් විය.

‘‘රඟපෑම අමාරුයි. ඒත් ජොලි වැඩක් “ යැයි ඔහු කියයි.

ශ්‍රී ලංකාව ගැන ඔහුගේ මිළඟ පොත ලබන ජූලි මාසයේ දී නිකුත් වීමට නියමිතය.