"තන්හා රතී රඟා" පන්සලට ආධාර ගෙනඑයි

Ziggy | 01 Jan, 1970 12:00AM | Leave a comment
පසුගියදා ලන්ඩන් නුවරදී තිරගත කෙරුන නිලේන්ද්‍ර දේශප්‍රියගේ " තන්හා රතී රඟා " චිත්‍රපට දර්ශනයෙන් ලද ලාබ මුදල හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ද්ධ විහාරස්ථානයේ නව ගොඩනැඟිලි අරමුල සඳහා ප්‍රධානය කර ඇත.

අතුල දස්සන විහාරස්ථානය අලුතින් මිලටගත් ගොඩනැඟිල්ලකට ගෙනයන ලද්දේ මේ සතියේදීය.

විහාරාධිපති පුජ්‍ය වඳුරඹ කස්සප හිමියන් වෙත එම මුදල් ප්‍රධානය කලේ චිත්‍රපට දර්ශනය සඳහා විශේෂයෙන් සහභාගිවූ අධ්‍යක්ෂක නිලේන්ද්‍ර දේශප්‍රිය විසිනි. චිත්‍රපට දර්ශනය සංවිධානය කල කණ්ඩායම වෙනුවෙන් ජයසන්ක විජේසිංහද එම අවස්ථාවට සහභාගී විය.

හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය අලුත් ගොඩනැඟිල්ලකට ගෙනගිය බවත් එම ගොඩනැඟිල්ල මිලදී ගැනීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් පැවසු කස්සප හිමියෝ ඒ සඳහා ලබාදුන් මෙම ආධාරය ඉතා වටිනා කොට සලකනු ලබන බවද පුණ්‍යානුමෝදනා කරමින් පැවසුහ.







-Photographs Jayasanka Wijesinghe