ආනන්දේ පුංච් සහෝදරී ආනන්ද බාලීකාව

ආනන්දේ පුංච් සහෝදරී ආනන්ද බාලීකාව

Admin
09 Mar, 2026
අද ලෝක කාන්තා දිනය මාර්තු අට,ඉතින් අපි දන්න කියන කාන්තාවෝ සෙට් එකක් කරපු වැඩක් ගැන කියන්නයි මේ අවසරේ.

ආනන්ද බාලිකාවන් මුල් වරට එංගලන්තයේ රාත්‍රි ප්‍රියසම්භාෂණයක් පැවත්වීමට යොදා තිබුනේ පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් නමුත් මොකක් හරි අට මගලයක් නිසා එය මේ අවුරුද්දේ පෙබරවාරියට කල්ගියා.
කොහොම කොහොම හරි වැඩසටහනේ පිවිසුම ගන්නට තිබුනේ හැත්තෑවේ දශකයේ ජනප්‍රියත්වයට පත්ව තිබූ කොණ්ඩා මෝස්තර සහ ඇදුම් ආයිත්තම්වලින් සැරසීය.ආනන්දේ නියොජනය කරමින් සරත් අය්යා,බූමින්ද අය්යා,දිල්රුක්,අරුණ,රසිත ඇවිත් හිටියා.

උත්සවශාලාවේ පිලිගැනුම පවා බොහෝ දැනෙන සහෝදර ආදරයකින් ආලේප කලා,අපේ රශ්මි නංගී තමයි අනිත් අයගේ උදවු එක්ක ශාලාවේ අස්සක් මුල්ලක් නෑර විවිධ හැඩතලවලින්,නෙක වර්නයෙන් සිතුවම් මවලා තිබුනේ ස්වර්ග රාජ්‍යයක් ලෙස.ප්‍රණීත් මල්ලී මේ හැම දෙයක්ම සදාතනික කරන්න උත්සාහයක් ගන්න බවක් පෙවුනා කාච මෙවලම් එල්ලගෙන.

හැත්තෑවේ දශකයේ උපන් නිසා ඒ අසිරිය විදගන්න බැරිවුනත් මගේ අම්මා කොච්චර ලස්සනට අදින්න ඇද්ද,කොණ්ඩා දාන්න ඇද්ද කියලා හිතුණේ ආනන්ද බාලිකාවන් මැවු තුසිතය නිසා.

කෙල්ලෝ ටික කඩි වගේ එහා මෙහා දිව්වේ ඔවුන්ගේ වැඩවලට වුවත් එය අපටනම් මොස්තර නිරුපිකාවන්ගේ වේදිකාවක් ලෙසින් දිස්වුණා.ඉශානි සොයුරිය ආරම්භය දුන්නේ හැමදා වගේ සබාවට ලොකු ජවයක් දීලා.ඉතාව චාමෙට වැඩ සටහන ඩිජිටල් තිරයක බොහෝම ගාම්බීරව පෙළ ගැසුනා.ඉන්දිකා උපමාලී ගෙන් පටන්ගෙන බොහෝ ජනප්‍රිය සුන්දර චරිත විටෙන් විටේ ඇදුනේ ආනන්ද බාලිකාවේ ප්‍රවෘඩ ඉතිහාසය මවාපාමින්.ආනන්දෙ අසල මෙච්චර ලස්සනක් තිබුණාද කියලත් වෙලාවකට හිතුණා.

ඉතින් මේ අස්සේ කතා නායිකාව අමතක වුණා,අපේ දේවිකා අක්කා..ඇය තමයි ආනන්ද බාලිකාවට නායකත්වය දෙන්නේ.දේවිකා අක්කගේ මල්ලි ආනන්දේ බැබලවු සොයුරෙක්( මේජර් ජෙනරාල් දෙවෙන්ද්‍ර පෙරේරා)
පුදුම මහන්සියක් අරගෙන තිබුනා මේ කළමනාකරණයට, ඒක අක්කගේ මුහුනෙන් පෙනුනා.

92 කණ්ඩායම නියෝජනය කරමින් යාලුවො තුන් දෙනෙක් හිටියා, දුශ්‍යයන්ති,ශර්මිලා,රොශිනී.
දුශ්‍යන්ති මම ඒ කාලේ ඉදන් දන්නවා,මම ලියපු ඒවා ඒකාලෙත් එයා කියවලා ඇති.එවා රහස්
ඉතින් මගදි advertisement වැටෙනවා...සමාවෙන්න.යමු ආයෙත් පෙරහැරට.

දුවන් ආවේ නැතෙයි සන්ද්‍යා කුමාරි (අචිනි -94) පැරණී චිත්‍රපට ගීතයකට පණ පොවන්න,මහී කෙල්ලත් එකතු වුණා ඉන් පස්සේ.පුදුම තාත්වික බවක් එක්කලා ඒ නර්ථනය හරියට ගෙදරක සාලයක සිදුවීමක් තරමට ලංකලා සියලු හදවත්.අපේ අරුණ මල්ලිගේ දුවත් රංගනයේ යෙදුනා විදුලියක් වගේ,තාත්තා වගේම කෙල්ල දක්ශයා.

ඒත් එක්ක අම්මයි දුවයි ගායනයෙන් පෙන්වු හැකියාවන් අගයන්නම ඕන විශේෂයෙන් දියණියගේ..දුශ්‍යන්ති තමයි උගන්වලා තියෙන්නෙ කෙල්ලට තාත්තා රොයල්නේ ඉතින් තව මොන කතාද...

අපේ මේසේ නුවර උසස් බාලිකාවේ කණ්ඩායම් දෙකම හිටිය හින්දා මම කපලා එකක් දාගත්තා මුලින්ම,ලෝබ නැතුව ලීටරේ බෝතලයක් තියලා තිබුනා මගුල් මේසේම මැද්දෙ වගේ,වයිනුත් වටේ.එකින් එක කෑම ආවේ නිසැනින්,සේවා පහසුකම් අති ඉහල තත්වයක තිබුණා.රසින් අනූන වූ කෙටිකෑම රාශියක් නොඅඩුව බෙදුවා.බදුන් හිස් වෙත්ම නැටුම් තෙලේ බලෙන් රොශාන් අය්යයි මායි මුලින්ම ඇග හෙල්ලුවා තාලෙට ආනන්ද බාලිකා ආලින්දයේ.මංජු ප්‍රමුඛ හස්ති වාද්‍ය වෘන්දය තමයි තාල ඇල්ලුවේ කනිෂ්ක මල්ලිගේ අලෝකයත් එක්ක.ආනන්ද බාලිකා ප්‍රසංග වේදිකාවේ විශේෂයෙන් ලංකාවෙන් ඇවිත් හිටිය රජිව් සෙබස්තියන් මහත්තයා, අපිව ඇදුම් මොස්තර ඇතිව නැතිව අරගෙන ගියා හැත්තෑවේ දශකයට ඔහුගේ පිරිපුන් ගායන කෞශල්‍යයන්.

දනහිස් අමාරුව හැදෙනකම් මම අරුණ මල්ලිත් එක්ක නැටුවා වරෙන් වරේ අන්තිමට මෝලම් පාරකුත් එක්ක.

දන්න කියන ගොඩ දෙනෙක් ඇවිත් හිටියා ආනන්ද බාලිකා එකට උර දෙන්න.චන්දන (ඉසිපතන)ඉන්දික( බදුල්ල සෙන්ට්‍රල්) රොශාන් (රාජකීය)දම්මිකා(kandy High)බාලා( වෙස්ලී) ඖෂධී( මහාමායා)හෆ්සා( හිල්වුඩ්)මැණික් ( නිව්ස්ට්ඩ්)අරෝශා (HFC -කුරුණෑගල) වගේ දන්න කියන හැමදම දකින සෙට් එකත් හිටියා.

කෑම සැපයුවෙ ශිහාන් කියලා, අක්ක කිව්වා.ආයේ කියන්න කිසි අඩුපාඩුවක් තිබුනේ නෑ.පංකාදු ඌරුමස් කරියක් එහෙම තිබුනා,අතුරුපසත් වැහිවහලා කිසි අවුලක් නෑ.කොටියෙන්ම සංවිධායක මණ්ඩලයට දෙහිගෙඩියක් කපාගන්න වෙයි අපේ ඇස්වහට.

එංගලන්තේ හැම පාසලකම වගේ Dinner dance වලට මම ගිගින් තියෙනවා...අපේ සහෝදරකම උරගාපූ,ගෙදර වගේ දැනුනු සුන්දර තැන්නක් ආනන්ද බාලිකාවේ මංගල ගමන.
හොදවෙලාවට ඒ ගොල්ලෝ පහුවෙලා පටන් ගත්තේ,මුලදීම අවානම් තිරයට අපේ අඩුපාඩු ගොඩක් දකින්න තිබුනා. මදුශී,නිශාන්ති,කමනි,නීලිකා,රෝශිනී සහ රොඩ්නී යන අය සංවිධායක මණ්ඩලයේ සිටි බවක් දැනගත්තා,මේ නම් මම ගොඩක්ම මතකයෙන් ලියුවේ ඉතින් පාපිලි අඩුනම් කමා කරනු මැනවි.

කොහොම නමුත් රාත්‍රි දොලහ මාර වනතෙක් අපට නොයෙක් ආකාරයේ රස වලින් විටෙන් විටේ දමල ගැහුවා පුදුම වෙන්න කෙල්ලෝ සෙට් එක.
නොම්බර එකයි මරදානේන් බැහැපු කෙල්ලෝ දීපු ගේම.ආනන්දේ සුළග වැදුන නිසාවෙන්ට ඇති මගේ හිතේ....

ආදරෙයි ආනන්ද බලිකා මාතාවට...සැරදෙවා නිතිත්.
සදහම් සරණයි.
අජන්ත වීරසේකර
Admin

Contributing writer at API Sri Lankan, bringing you the latest news and stories from the community.

Comments

Never Miss a Story

Stay connected with the latest news and updates from the Sri Lankan community in the UK