මැගී නූඩ්ල්ස් වල මිනිරන් අඩංගු බව තහවුරු වේ

Ziggy | 01 Jun, 2015 07:16AM | Leave a comment


උතුරු ඉන්දියාවේ උත්තරඛාන්ඩ් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මැගී ක්‍ෂණික නූඩ්ල්ස් වල මිනිරන් අඩංගු දැයි පරීක්ෂා කිරීමට සාම්පල ලබා ගන්නා බවයි.

ඔවුන් එලෙස සාම්පල පරීක්ෂා කිරීමට තීරණය කොට තිබෙන්නේ සිය අසල්වාසී ප්‍රාන්ත බලධාරීන් විසින් කරන ලද පරීක්ෂණ වලින් මැගී නුඩ්ල්ස් වල ඉතා ඉහල ප්‍රතිශතයකින් මිනිරන් අඩංගු වී තිබෙන බවට සොයා ගැනීමත් සමගයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පසුගිය මාර්තු මාසයේ පවත්වන ලද පරීක්ෂණ වලින් ද මැගී නූඩ්ල්ස් වල මිනිරන් අඩංගු වන බවට සොයා ගෙන තිබේ.

ඉන්දියාවේ මැගී නූඩ්ල්ස් නිපදවන ඉන්දීය නෙස්ලේ සමාගම ඉදිරිපත්ව තිබෙන පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරන අතර කියා සිටින්නේ සිය ආයතනයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි.

සමාගම් නිලධාරීන්ට එළඹෙන ජූලි මාසයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝග නිකුත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

මැගී නූඩ්ල්ස් වල මිනිස් ශරීරයට අහිතකර සංඝටක විශාල ප්‍රමාණයෙන් අඩංගු වන බවට එල්ල වූ චෝදනා නිසා මේ වන විට  ශ්‍රී ලංකාවේ ද ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙනවා.

-sinhala.asianmirror.lk