වෙට්‌ටුමකඩේ කුණු කාණුවක කුකුළු මස්‌ ගබඩා කරලා

Admin | 13 Aug, 2014 08:20AM | Leave a comment
කළුතර, වෙට්‌ටුමකඩ ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ ඉදිරිපිට මහජන සෞඛ්‍යයට හානිවන අයුරින් අපද්‍රව්‍ය සහිත කාණුවක්‌ මත කුකුළු මස්‌ කිලෝ ග්‍රෑම් 30 කට වැඩි ප්‍රමාණයක්‌ ගබඩා කර තිබියදී අත්අඩංගුවට ගැනීමට පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට හැකිවිය. 

කුකුළු මස්‌ නිෂ්පාදන බෙදාහරින වාහනයකින් මෙම කුකුළු මස්‌ තොගය ගබඩා කර තිබියදී බෙදාහැරීමේ නියෝජිත අත්අඩංගුවට ගනු ලැබුවේ දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්¾ ඡේ. සිංහබාහු, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වන කේ. කේ. එල්. ජයලාල් සහ ජී. ඩී. ඩී. ප්‍රසාද් යන මහත්වරුන් විසිනි. 

පසුව මෙම කුකුළු මස්‌ බෙදාහැරීමේ නියෝජිතයා කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය විසින් රුපියල් 3000 ක දඩයක්‌ හා මාස තුනක සිර දඬුවමක්‌ වසර පහකට අත්හිටුවන ලදී.

එමෙන්ම කිලෝග්‍රෑම් 30 කට වැඩි කුකුළු මස්‌ තොගය විනාශ කිරීමටද අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.

-නාගොඩ අතිරේක - විඡේරත්න