ලන්ඩන් උපන්දින අරමුදලින් පාසල් දරුවන්ට අත්උදව්

tmadawela | 10 Dec, 2016 06:59PM | Leave a comment
ලන්ඩන් නුවර ක්‍රියාත්මක උපන් දින අර මුදලට අනුබද්ධිත " කාරුණික හෘදය" සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල වෙහෙස මහන්සි වෙමින් ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා අවශ්‍ය පොතපත, ඇඳුම් පැළඳුම් සහ පාසල් උප කරන ලබාදීම සඳහා නිහඬව ගෙන යන සමාජ සත්කාර වැඩපිළිවෙල යටතේ පසුගියදා අනුරාධපුර කටුකැලියාව විද්‍යාදීප විදුහලේ සිසු සිසුවියන්ට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ ලබාදී ඇත.

ලන්ඩනයේ සිට නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි උපන්දින අරමුදලෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වන චන්දන ගුණසේකර ඔහුගේ පවුලේ අය සහ හිත මිතුරන්ද කැටුව මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

එම චාම් උත්සවය සඳහා පාසලේ ගුරු මණ්ඩලයේ සේවය කරන ස්වාමින් වහන්සේ ප්‍රධාන මුල්ගුරු තුමන් ඇතුළු ගුරු මණ්ඩලය සමඟ දැරි දැරියන්ගේ දෙමාපියන් ද සහභාගී වුහ. " කාරුණික හෘදය" මඟින් මාසිකව සංවිධානය කෙරෙන මෙම වැඩපිළිවෙලෙහි නොවැම්බර් මාසයේ පොත් සහ උපකරණ බෙදා දීම එදින සිදුවිය.

මේපිළිබඳව අදහස් දැක්වූ උපන්දින අරමුදලේ ජයන්ත හේරත් පැවසුවේ " අපගේ අදහස දැන්වීමෙන් අනතුරුවකටුකැලියාව පාසලේ ගුරැ මණ්ඩලය ඉමහත් කැපවීමකින් සහ උනන්දුවකින් කුරැණෑගල පිහිටි අභ්‍යාස පොත් නිෂ්පාදකවරැන්ගේ ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථානයකටම ගොස් පොත් මිලදී ගැනීම නිසා විශාල වට්ටමක් සහිතව දරැවන් සිය දෙනෙකුට අවශ්‍ය පොත් සහ පාසල් උපකරණ ලබා දීමටහැකිවූ" බවය.

මෙම අවස්ථාවට සහභාගිවූ චන්දන ගුනසේකරද අනුරාධපුර පළාතේ දුෂ්කර ගමකින් පැවත එන්නෙකි. තමන්ට හුරු පුරුදු ගමේ පාසලකට පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කිවේ "අප මේ පොත් බෙදා දීම සඳහා අරමුදලෙන් වැය කළේ පවුම් 250 ක් වැනි මුදලකි. එය මේ වැඩසටහනට දායකවූ පිංවත් සැම ලබා දුන් මුදලින් කෙටසකි. එහෙත් එදා දවස එම පොත් පත් ලබාගත් ඒ දරුවන් සතුටුවූයේ ඔවුනට රටක් රාජ්‍යක් ලැබුණු පරිද්දෙනි. ඔබ වැය කළ සුළු මුදලකින් තවත් තැනෙක තවත් අයෙකු නිවී සැනසුණු අපූරැව එදා අපි දුටුවෙමු. අපට එකතු වී මෙවැනි මහා පුණ්‍යකර්ම තව තව ඉදිරියට කළ හැකි වනු ඇත. කටුකැලියාව පාසලේ දරැවන් වකුගඩු රෝගවලින් මුදවා පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා පාසලේ සවිකොට තිබූ ජල පිරිපහදු යන්ත්‍රයට අවශ්‍යවූ මඩ පෙරනයක් හා පාසලේ මුද්‍රනකටයුතු කර ගැනීමට පහසුවන චයාපිටපත් යන්ත්‍රයක් ලබා ගැනීම තවත් අවශ්‍ය තාවයන් දෙකක් බව අපට දැනගැනීමට ලැබුණි. මම එය අපගේ උපන්දින අරමුඳලට යොමු කිරීමට එවෙලේම ඔවුනට පොරොන්දු වුණෙමි. අපගේ මීළඟ සත් කාර්යය එය විය හැකිබව සතුටින් සිතමි."