සුබාවිත ගීතයෙන් රසවත් වුණු අගෝරා ගී සැඳැව

Admin | 23 Jul, 2014 10:43PM | Leave a comment

ලන්ඩනයේ වෙසෙන කලා රසික ශ්‍රී ලාංකිකයින් පිරිසක් එකතුව පිහිටුවා ගෙන ඇති "අගෝරා"  කලා සංසදය විසින් පසුගිය 12 වනි සෙනසුරාදා අපූරුතම ගී රස වින්දනයක් සංවිධානය කොට තිබිණි.


ලන්ඩනයට තරමක් නුදුරින් පිහිටිහි වොට්ඵර්ඩ්  ප්‍රජා ශාලාවෙහි  පැවැත්වුන අගෝරා කලා සංසදයේ සමාරම්භක කලා උලෙළ සුදත් ලියනගේ සහ සංක විතාන ඇතුලු සහෘද පිරිසකගේ මූලිකත්වයෙන් සවිධානය කර තිබු අතර ලන්ඩනයේ පදිංචි ආධුනික ගායක ගායිකාවන් ඉදිරිපත් කල සුමධුර ගායනා රසවිඳින අතරතුර ගීත විචාරයකටද සවන්දීමටද  පැමිණ සිටි පිරිසට හැකිවීය.


ප්‍රවීන ගීත රචක පූජ්‍ය කෝන්වැවේ අරියරතන හිමියන්  සහ ප්‍රබුද්ධ කවියකු මෙන්ම ගීත රචකයෙකු වන රත්න ශ්‍රී විජේසිංහයන්  විසින් (අන්තර්ජාලය ඔස්සේ) සුබාවිත ගීතය පිලිබඳව කෙරුණු අර්තාන්විත විග්‍රහය නිසාවෙන්  මෙම කලා සැඳැව අපූරුතම සුන්දරත්වයකින් පිරී ගියේය. මෙම අගෝරා ගී සැඳැව සංගීතයෙන් රසවත් කිරීමට විශාරද දිමුතු තිලකරත්න සමග චරිත්  හා  චන්දන පොන්සේකා  සහාය වූ  අතර  සරෝජ් පතිරන කතනයෙන්  දායක විය.


"අගොරා" යනු "නගර මධ්‍යයේ පිහිටි කළා කරුවන්, විද්වතුන්, දාර්ශනිකයින් සහ දේශපාලඥයින් මුණගැසෙන ස්ථානය"  යන අරුත ඇති ඉපැරණි ග්‍රීක යෙදුමකි.