නේපාලයේ විපතට පත්වූවන්ට පින්දෙති

Admin | 01 Jan, 1970 12:00AM | Leave a comment
Photographs by Tissa Madawela

ලන්ඩන් නුවර ජාත්‍යන්තරබෞද්ධ පදනම සහ ලුම්බිණි නේපාල බුද්ධ ධම්ම සංවිධානය එකතුව නේපාලයේ බටහිර ප්‍රදේශයට බලපෑ දැඩි භුමි කම්පාවන්ගෙන් විපතට පත් සියලුම දෙනාහට පින් පැමිණවීමේ පුජාවක් සහ පරිත්ත දේශනාවක් ඉරිදා සවස පවත්වනු ලැබිය.

කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුන පිංකම සංවිධානය කරනු ලැබුවේ එම විහාරවාසී නේපාල ජාතික පුජ්‍ය සුමන හිමියන් විසිනි.

නේපාල ජාතික සහ ශ්‍රී ලාංකික සැදැහැවතුන් විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වුහ.

අනුසාශනාව පවත්වමින් පුජ්‍ය සුමන හිමියන් සිදුහත් කුමරු උත්පත්තිය ලද පින්බිම අයත් නේපාලයට සිදුවූ මෙම ස්වාභාවික විපත පිළිබඳව සියලුම දෙනාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත් විපතට පත්වුවන්හට ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම සඳහා ලෝක බෞද්ධ පදනම දැනටමත් කටයුතු ක්‍රියාත්මක කර ඇති බවත් පැවසුහ.

ලුම්බිණි නේපාල බුද්ධ ධර්ම සංවිධානයේ සභාපති වෛද්‍ය ධර්ම ශාක්‍ය පිංකම සංවිධානය කිරීම සඳහා අවකාශය ලබාදුන් සද්ධාතිස්ස විහාරස්ථානාධිපති පුජ්‍ය ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු සියලුම දෙනාට ස්තුති වන්තවන බව පැවසුවේය.

වෙසක් පුන් පොහොදිනට පෙර දිනය වන මයි 2 වන සෙනසුරාදා සවස 6 ට කින්ස්බරි විහාරස්ථානයේදී දෙවැනි පින්කමක් පැවැත්වෙන බවද ඔහු නිවේදනය කළේය.

මෙම විපතින් දැනට 4,000 කට වැඩි ප්‍රමාණයක් මියගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර මහා පරිමානයේ දේපල විනාශයක්ද සිදුව ඇති බවා වාර්තාවී ඇත.නේපාලය අවට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 4 කට මෙම භූ කම්පනය දැනී ඇතත් දැඩි විනාශයක් සිදුව ඇත්තේ කාත්මන්ඩු නඟරය අවට ප්‍රදේශයටය.