ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයෙන් වෙසක් පින්කමක්

Admin | 20 May, 2016 01:48PM | Leave a comment
ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයෙන් වෙසක් පින්කමක්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය මඟින් වෙසක් පුන් පොහෝදිනය වෙනුවෙන් වාර්ෂිකව පවත්වන පරිත්ථාන ධර්ම දේශනය සහ හීල්දානමය පිංකම මෙවරත් 18 වන බදාදා පවත්වනු ලැබිය. වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න ප්‍රධාන සියලුම නිලධාරීන්ගේ සන්විධානකත්වයෙන් පැවති පිරිත් සජ්ජායනය සඳහා මෙවර එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සියල්ලම වාගේ නියෝජනය කරමින් මහා සංඝ රත්නය 30 නමක් සහභාගිවීම විශේෂත්වයකි.

මේදිනවල ශ්‍රී ලංකාවේ සිදුවන ස්වාභාවික වියසනයෙන් විපතටපත් සියලුම දෙනාසහ වසර 7 කට ඉහතදී අප මාතෘභූමිය ත්රස්තවාදී යුද්ධයකින් මුදවාගැනීම සඳහා ජීවිත පුජාවෙන් සේවයකළ ත්‍රිවිද හමුදාවේත් පොලිසියේත් සියලු රණවිරුවන් සිහිපත්කර ඔවුනට සෙත් පැමිණවීමද මෙහිදී සිදුකෙරුණි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් විශේෂ අනුශාසනාව පැවැත්වීය. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නඟර සියල්ලගේම දැනට ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන 25ක් ක්‍රියාත්මක වෙයි.


The Sri Lanka High Commission in London held a Pirith chanting ceremony on 18th May 2016 followed by a Heel Dana the following day to commemorate the festival of Vesak.

During the religious ceremony, blessings were invoked on the war heroes who had laid down their lives in defence of the motherland and all those affected during the recent floods and landslides.

The religious ceremonies were conducted under the guidance of the Ven. Bogoda Seelawimala Nayaka Thero, Chief Sanganayake of Great Britain. Buddhist monks representing all the Sri Lankan Buddhist temples in the UK participated in the religious ceremonies.

There are 54 Theravada Buddhist Temples in the UK out of which 25 temples are administered by Sri Lankan Buddhist monks.

PHOTOGRAPHS BY Praneeth Hettiarachchi