මාතු පාදං නමාමී.... – ලන්ඩන් කවි

Chandana Gunasekera | 16 Oct, 2014 09:33AM | Leave a comment
මාතු පාදං නමාමී..........

කැණි මඬල සුන් පැල්පතේ ඔබ රජ ගෙදර ඇති සුවය මැව්වා
කිසිඳු අහරක් නැතිව කුසටම මගේ ගින්දර නිතර නිව්වා
කුලී වැඩ කොට ලැබුණ සොච්චම දීලා අකුරට මාව යැව්වා
සතර වරිගය නිවන් යන්නට සසුන වෙත පුද කරල එව්වා

ඔබ ගිලන් වඟ අහපු දිනයේ තුන් සිතම මගෙ වැලැපුණා
බවුන් වඩනුවෙ කෙලෙස අම්මේ දෙපා පැල වෙත එසැවුනා
ඔබට උවැටන් කෙරැම සඳහා චීවරේ බර නොඳැනුණා
පවක් පිරැනැයි නොසිත ඉනු මැන දෙදෙනගෙම දුක කෙටිවුණා

චන්දන ගුණසේකර -  එක්සත් රාජධානිය