Renovation Work at the Kahatagasdigiliya Base Hospital Children's Ward

Admin | 07 Dec, 2020 03:20PM | Leave a comment
We are delighted to announce the successful completion of the renovation work at the Kahatagasdigiliya Base Hospital Children's ward which was conducted upon the invitation of Dr. Krishan Thalagahage and Hospital Authorities.

Under this renovation project, a complete facelift was given to the Children’s ward with the aim of upgrading the ward facilities to be on par with those in main cities. We are thankful for the contribution, support and spirit given by our family, friends, the members of the old Nalanda Association in the UK and well wishers towards this worthy cause. I am also thankful to my dear friend, Chaminda Vaas and all the members of the Dr. Upali Mahanama Memorial Foundation for joining hands with me to make this project a reality.
I must state that we should not wait for the Government or local bodies to always initiate projects or to engage in charitable Projects. We too as responsible citizens also have a role to play. Without criticizing those who do nothing, let each one of us do whatever little we can towards the growth & development of our communities.

වෛද්‍ය ක්‍රිශාන් තලගහගේ සහ රෝහල් බලඨාරීන්ගේ ඉල්ලීමක් මත, කහටගස්දිගිලිය මූලික රෝහලේ ළමා වාට්ටුව අලුත්වැඩියා කොට, නවීකරණය කිරීමට හැකිවූ බව ඉතා සතුටින් දැනුම් දෙමි. මෙම අලුත්වැඩියාකිරීම තුලින්, මෙම රෝහලේ ළමා වාට්ටුව, නාගරික රෝහලක ළමා වාට්ටුවක් හා සමාන පහසුකම් සහ පෙනුමක් ලබාදීමට අපට හැකිවිය.

මම මේ අවස්ථාවේදී, මේ සදහා දායක වූ, දිරිගැන්වූ සහ සහයෝගය දුන්, අපගේ හිතමිත්‍රයින්, පවුලේ සාමාජිකයන්, එක්සත් රාජදානියේ ආදි නාලන්දීයන්ගේ සංගමය සහ අනෙකුත් සියලු දෙනාහට මාගේ හදපිරි ප්‍රනාමය පුදකරමි. මීට අමතරව, මාගේ දයාබර මිත්‍ර චමින්ද වාස් සහ ආචාර්ය උපාලි මහානාම පදනමේ සියලු දෙනාහට, මේ කර්තව්‍යය යතාර්ථයක් බවට පත්කිරීමට එක්වීම ගැන මාගේ හද පතුලෙන් ස්තූතිවන්ත වනවා.

මෙවන් කර්තව්‍යයන් සහ සමාජ සේවාවන් ඉටුකිර්‍ර්මට, රජය හෝ අනෙකුත් බලදාර්‍ර්න්ට පමණක් වගකීම බාර නොකොට, අපටත් හැකි අයුරින් සමාජයට යුතුකම් සහ වගකීම් ඉටුකල යුතු බවයි මාගේ විශ්වාසයයි. අඩුපාඩුකම් දැක, ඒවා විවේචනය කිරීමට හෝ අනෙක් අයට පමනක් ඇගිලි දිගු නොකොට, අපටත් හැකි අයුරින් අපගේ දායකත්වය ලබාදී, අපගේ සමාජය දියුණුව සහ අභිවෘද්ධිය කරා ගෙනයාම අප සැමගේ වගකීමක් බව මම විශ්වාස කරමි.

- Roshan Mahanama