ගුණවංශ හිමි ප්‍රණාම පුජා

Admin | 29 Jul, 2015 09:46PM | Leave a comment
බර්මින්හැම් නුවර ජේතවන විහාරස්ථානයේ සහ ලිවර්පුල්හි ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ පැවිදි දිවියට අඩ සිය වසක් පිරිම නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පතා පින්කම් මාලාවක් ශ්‍රී ලංකාවේදී සහ එංගලන්තයේදී පවත්වනු ලැබිය.


එංගලන්තයේදී බර්මින්හැම් ජේතවන විහාරස්ථානයේදීත් ලිවපුල් ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේදීත් මෙම පින්කම් සංවිධානය කරනු ලැබුවේ විහාරස්ථා දායක කාරකාදීන්, සැදැහැවතුන් සහ හිතවතුන්ගේ සහභාගිත්වයෙනි.

ලිවර්පුල්හි ප්‍රෙස්කොට් උත්සව ශාලාවේ පැවති "යතිවර ප්‍රණාම පුජෝත්සවය" ආරම්භ කෙරුනේ වැඩමකල මහා සංඝ රත්නය විෂයෙහි පිරිනැමුණු සංඝගත දක්ෂිනාවකිනි.


පිංකම සඳහා මහා සංඝ රත්නය සහ පැමිණ සිටි අමුත්තන් විශේෂ පෙරහැරකින් ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබිය. මෙදින ගුණවංශ හිමියන් අතින් සිදුවූ සාශනික සේවාව සමඟ ජිවිත තොරතුරු විස්තර කෙරුණු " පරමාදර්ශී ධර්ම දුතයානෝ" නම්වූ උපහාර ග්‍රන්ථයද එළිදක්වනු ලැබිය.


පිංකම සඳහා කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තරබෞද්ධ මධ්‍යස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි, පුජ්‍ය නේපාලේ සුමන, ලන්ඩන් බෞද්ධ විහාරවාසී පුජ්‍ය තවලම බන්දුල, පුජ්‍ය කෝන්වැවේ අරියරතන, බර්මින්හැම් ජේතවන විහාරවාසී පුජ්‍ය බැරගම පියරතන, නොටින්හැම් ශාන්ති විහාරාධිපති පුජ්‍ය තෙල්දෙනියයේ අමිත, ලෙස්ටර් බෞද්ධ විහාරවාසී පුජ්‍ය කලුඅග්ගල සරණසිරි, පුජ්‍ය දොඩන්ගොඩ සුමේධ, මැන්චෙස්ටර් කේතුමතී විහාරවාසී පුජ්‍ය ගල්පොත්යායේ පේමානන්ද, ලිවර්පුල්හි ශ්‍රී සම්බුද්ධ විහාරවාසී පුජ්‍ය තිස්සපුර සුගතරතන යන හිමිවරුන් සහභාගී වුහ.


ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නෙරංජන් පතිරත්නය. පිංකම සඳහා ලිවර්පුල්,බර්මින්හැම්, මැන්චෙස්ටර් සහ ලෙස්ටර් නගරවලින් විශාල සැදැහැවතුන් පිරිසක් පැමිණ සිටියහ.