ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ජාතික නිදහස් පෙරමුණේ මහා බ්‍රිතාන්‍ය ශාඛා සහ ජාත්‍යන්තර ශ්‍රී ලංකීය බලමුළුව එක්ව සංවිධානය කල බොඩි පුජාව

tmadawela | 06 Jul, 2015 09:55PM | Leave a comment
ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාටත්, ත්‍රිවිද හමුදාවට, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් සෙත් පතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව, ජාතික නිදහස් පෙරමුණේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව සහ ජාත්‍යන්තර ශ්‍රී ලංකීය බලමුළුව එක්ව සංවිධානය කල බෝධි පුජාමය පින්කමක් ජුලි 5 වන ඉරුදින ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබිය.

විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නය සහභාගිවූ මෙම පින්කමේදී ශ්‍රී ලංකාවේ ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය රැකගැනීම සදහා දිවි පිදු සහ විපතට පත්වූ 30 දහසකට අධික විරෝධාර රණවිරුවන්හට පින් පැමිණ වීමද සිදුකෙරුණි.

පිංකම සඳහා එම සංවිධානවල ප්‍රධානීන් සහ ක්‍රියාකාරිකයන් මෙන්ම හිතමිත්‍රාදීන්ද විශාල පිරිසක් සහභාගී වුහ.