මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ අධිෂ්ඨාන පූජාවක්

tmadawela | 23 Dec, 2014 11:46AM | Leave a comment
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය පතා 22 වන ඉරු දින උතුරු ලන්ඩනයේදී විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විණි. එය සංවිධානය කරනු ලැබුයේ එක්සත් ජාතික පක්ෂ එක්සත් රාජධානි ශාඛාව විසිනි.

මෙම පුන්‍යකර්මයට සහභාගී වීමට පක්ෂයට හිතවත් බොහෝ පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබිණි. මෙවන් ආගමික වැඩසටහනක් තුලින් අද ශ්‍රී ලංකාවට අත්‍යවශව ඇති යහ පාලනයක් උදාකිරීම සදහා ජන හිතකාමී නායකත්වයක් පත්කිරීමේ වැදගත්කම එකසත් රාජධානියේ වෙසෙන සියලුම් ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ කරවන බව ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර මහතා පැවසීය.