වත්මන් රජයට සහ දෙස් විදෙස් ශ්‍රී ලංකික ජනතාව ට සෙත්‏

Admin | 04 Mar, 2015 02:56PM | Leave a comment
වත්මන් රජයට සහ දෙස් විදෙස් ශ්‍රී ලංකික ජනතාව ට සෙත් පතා විශේෂ ආශිර්වාද පූජාවක් පෙබරවාරි මස 26 වෙනිදා එක්සත් රජධානියේ ''ලංඩන් බෞද්ධ විහරස්තානයේදී'' පැවැත්වීය.මෙම පිංකම සංවිධානය කර තිබුනේ එක්සත් රාජධානියේ එක්සත් ජාතික පක්ශ ජාතික යොවුන් පෙරමුණ විසින් වන අතර වත්මන් ගරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම ඉතා සාර්තකව පැවැත්විණ.
එහිදී ලංඩන් බෞද්ධ විහාරවාසී තවලම බංදුල ස්වාමින්වන්සේ,දේදුනුපිටියේ උපනන්ද ස්වාමින්වහන්සේ ,කොන්වැවේ ආරියරතන ස්වාමින්වහන්සේ සහ කලුගමුවේ කස්සප ස්වාමින්වහන්සේ අනුශාසක දේශන කල අතර ලාංකීය ජනතවට සෙත් පතා පිරිත්සජ්ජායනාවක් කරමින් ආශිර්වාද කලහ.

ආශිර්වාද පූජාවෙන් අනතුරුව විශේෂ හමුවක් ද සංවිධානය කර තිබු අතර එහිදී පිලි ගැනීමේ කතාව කරමින් ජාතික යොවුන් පෙරමුණේ එක්සත් රාජධානී ශාඛාවේ සභාපති මාධව සේනානායක මහතා කිය සිටීයේ මෙම වැඩසටහනේ මූලික අරමුණට කිසිදු දේශපාලනික මුහුණුවරයක් නොමැතිබවත් පැමින සිටින සියලු දෙනා නියෝජනය කරන්නේ අප උපන් ශ්‍රී ලංකාව බවත් ඊට ජාති ආගම් කුළ කිසිදු බේදයකින් තොරව සහභාගී වීම පිලිබදව පැමිණි සියලු දෙනාට කෘතවේදීත්වය පල කරන බවත් ය..තව දුරටත් අදහස් දැක් වු ඒ මහතා කියා සිටියේ රටේ වසර ගනනාවක් තිස්සේ ජනතාව මත තිබු විශාල බරකින් දැන් ජනතාව නිදහස් වී ඇති බවත් ඊට මූලිකත්වය ගෙන කටයුතු කල දේශපාලනික සහ නොවෙන සියලූම පාර්ශවයන් වෙත අලුත් පරිච්ඡේදයක් ඇරඹිමට අවස්තාව උදා කරගන්න නියම මාවතක් දැන් විවෘත වි ඇති බවත්ය.

එක්සත් රජධානිය තුල 2009 වසරේදී ජාතික යොවුන් පෙරමුණ පටන් ගැනීමට වෙහෙස මහන්සි වී ක්‍රියා කල සියලූම පාර්ශවයන් ඒ මොහොතේ සිහි ගැන් වු ඇතර විශේෂ ස්තූතියක් ජාතික යොවුන් පෙරමුණේ ආරම්භකත්වය ගත් නාමල් විජයමුනි සොයිසා මහතා විසින් කල සේවය ද මෙහිදී ඇගයීමට ලක් විය.තවදුරටත් මේ කටයුතු සදහා සහය දුන් එක්සත් රාජධානියේ ප්‍රබල මාධ්‍ය මෙහෙවරක් ඉටු කරන සිලෝන් යුකේ ආයතනයටත් මාධ්‍යවේදියා මාධ්‍ය ජලයටත් විශේය ස්තූතියක් එහිදී පුද කලේය.

අනතුරුව පැමිණ සිටි සැදැහැවතුන් ඇමතූ වත්මන් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ රටේ වසර ගානක යුද්ධයෙන් ගැලවුනත් ජනතාව තුල ඇතිවෙමින් තිබු විසදාගත නොහැකි මට්ටමේ ගැටලු ,ගැටුම් සියල්ලට එක් පිලිතුරක් ලෙස වත්මන් රජය බලයට පැමිණි නමුත් තවත් පියවර ගණනාවක් ඉදිරියට යාමට ජනතාව රටින් පිට සිට හෝ කටයුතු කල යුතු බවයි.තවද වඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙවන් අකාරයේ ආශිර්වාද පූජාවන් රට තුල මෙන්ම රටින් පිට සිටද රටේ ආරක්ශව පතා කිරීම තුලින් රටේ ජනතාවට සහ ලෝකවාසී සමස්ත ලාංකිකයින්ටත් සෙතක් සැලසෙන බවයි.එවැනි වැඩසටහන් වෙනුවෙන් ආරධනා කිරීම සම්බන්දයෙන් ජාතික යොවුන් පෙරමුණට විශේශ ස්තූතියක් ද පුද කළ අතර පසුව එතුමා වෙනුවෙන් විශේෂ සමරුවක් තිලින කිරිමද සිදුවිය.ඒ ජාතික යොවුන් පෙරමුණේ ලේඛම් ඉසුරු රනවීර මහතා අතිණි.

සමස්ත වැඩසටහන මෙහෙයවිම ජාතික යොවුන් පෙරමුණේ උපසභාපති නුමාල් පෙරේරා මහතා විසින් සිදු කල අතර වැඩසටහන අතර තුර මාධ්‍යවේදියා පුවත් පතේ පළමු යුරෝපීය පරීක්ශන කළාපය එළිදැක්වීම සිදුවිය.එහි පළමු පිටපත් අධිකරණ අමාත්‍යවරයා ට ලබාදුන් අතර ඊට සිලෝන් යූකේ නිමාතෲ රංග සමරතුංග මහතා සහ සිලෝන් යූකේ අලෙවි කලමකාරු තුශාන් ගුනරත්න මහතා ද මාධ්‍යවේදියා වෙනුවෙන් එහි නිමාතෲ මධුක තක්සල මහතාද සහභාගීවිය. ඉන් නතුරුව එක්සත් රාජධානියේ ජාතික යොවුන් පෙරමුණට වසර 5ක් පිරීම වෙනුවෙන් විශේෂ සැමරුමක් සිදු කෙරුනු අතර ඊට ක්‍රියා කාරී ලේකම්වරුන් වන බිමල් සේකු ආරච්චි සහ මහේශ් චන්ද්‍රරතන යන මහත්වරු ද සහභාගි විය.