Passengers with HIV sue China's Spring Airlines

Ziggy | 18 Aug, 2014 08:27AM | Leave a comment
HIV ආසාදිතයන් වීම නිසා තමන්ට ගුවන් යානයකට ඇතුල් වීමට ඉඩ නොදුන් චීන ගුවන් සමාගමකට එරෙහිව ගුවන් මගීන් දෙදෙනෙක් එම සමාගමට එරෙහිව නඩු පවරා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

එම මගීන් දෙදෙනා ෂෙන්යෑන් නගරයෙන් ස්ප්‍රින් ගුවන් සමාගමේ යානයකට ඇතුල්වීමට බලාපොරොත්තුව සිටියත් ගුවන් සමාගම ඔවුන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත් අවලංගු කරනු ලැබ තිබූ බව වාර්තා වෙයි.

එය තමන්ට එරෙහිව සිදු කරන ලද ‘වෙනස්කම් කිරීමක්’යයි චෝදනා කරන HIV ආසාදිතයන් දෙදෙනා ඩොලර් 8,000ක (රු.දස ලක්ෂයක පමණ) වන්දියක්ද සමාව අයැද සිටීමක් ද ගුවන් සමාගමෙන් ඉල්ලා ඇත.

ෂෙන්යෑන් නගරයේ උසාවියක් ඔවුන්ගේ පැමිණිල්ල භාරගෙන ඇති අතර, චීන ඉතිහාසයේ එවැනි විභාගයක් ආරම්භ කෙරෙන පළමු වැනි අවස්ථාව මෙය බවද පැවසෙයි.

HIV ආසාදිතයන්ට සහ ඒඩ්ස් රෝගීන්ට එරෙහිව සිදු කෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් රට තුළ පවතින දීර්ඝ ඉතිහාසයේ වෙනසක් ඇති කිරීමෙහිලා තමන් පියවර ගත් බව චීන නිලධාරීහු පවසති.

-Ada.lk