මහා බාධක කොරල් පරය අහිමි වන ලකුණු

Ziggy | 14 Aug, 2014 01:56PM | Leave a comment
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් මුහුදු තීරයේ ඇති 'මහා බාධක කොරල් පරය' කාලගුණික හා වෙනත් බලපෑම් හේතු කොට ගෙන අනතුරට ලක්වී ඇති බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

මෙය ලෝකයේ ඇති සුවිශාලතම ස්වාභාවික කොරල් බැම්ම ලෙස ලෙස මේ වනවිට හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත්, කිලෝමීටර 2,300කට වඩා දිගට විහිදෙන මෙම කොරල් පරය පසුගිය වසර 5ක කාලය තුළ දැඩි ඛාදනයකට ලක්වී ඇති බව පෙන්වා දෙන වාර්තාවකට අනුව එය තවදුරටත් විනාශයට ලක්වීමේ අවදානමක් පවතින බව හඳුනාගෙන තිබේ.

මුහුදු වතුර අපවිත්‍ර වීම, වෙරළාසන්න සංවර්ධන කටයුතු සහ ධීවර කටයුතු මෙම ක්‍රමික විනාශයට බලපාන අනෙකුත් හේතු ලෙස පිළිගෙන තිබේ.

මෙම කොරල් බැම්මට විරුද්ධ දෙසින් ඇති ඊසානදිග මුහුදු තීරයේ සිදුකිරීමට නියමිත දැවැන්ත සංවර්ධන වැඩසටහනක් අනුමත කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය දැඩි විවේචනයකට ලක්වෙමින් තිබේ.

- Ada.lk