Largest crocodile caught in america

Ziggy | 18 Aug, 2014 08:37AM | Leave a comment
මෙතෙක් මිනිසුන් විසින් අල්ලාගන්නා ලද ලොව විශාලතම කිඹුලා ඇමෙරිකාවේ ඇල්බාමා ජනපදයේ පවුලක සාමාජිකයන් විසින් අල්ලාගෙන ඇත. තෝමස්ටන් ගම්මානයේ පදිංචි ජෝන් ස්ටොක්ස්, මැන්ඩ් ස්ටොක්ස් යන යුවළත් ඔවුන්ගේ ඥාති සොහොයුරකු වූ කෙවින් ජෙන්කින්ස් හා වයස අවුරුදු 16ක් වූ සවන්නා දියණිය ද 14 වැනි වියේ පසුවන පාකර් පුතු ද මේ සමක්කම සිදුකළහ.  ඔවුන් පවසන්නේ කිඹුලා අල්ලා ගැනීමට තමන්ට පැය දහයකට වැඩි කාලයක් ගත වූ බවයි. අල්ලාගත් කිඹුලා අඩි 15 ට වඩා දිගින් යුතු අතර බර රාත්තල් 1011.5 කි. මෙතෙක් ලොව අල්ලාගත් විශාලතම කිඹුලා ලෙස මේ කිඹුලා වාර්තා අතරට එක්වෙයි.

-Lankadeepa