වේගවත්ම කැමරාව ජපානේ

Ziggy | 14 Aug, 2014 11:13AM | Leave a comment
දැනට ලොව භාවිතාවන කැමරාවට වඩා 1000 ගුණයකින් වේගවත් කැමරාවක් නිපදවමීට ජපානයේ ටෝකියෝ හා කියෝ විශ්ව විද්‍යාලයන්ගේ පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. ලොව වේගවත්ම කැමරාව මෙහි තීව්‍රතාව (පික්සල් ප්‍රමාණය) බිලියන 440 කි.

මේ සා ඡායාරූප ප්‍රමාණයක් තත්පරයක් වැනි කෙටි කාලයකදී ගැනීමට භාවිතා කර ඇත්තේ අලූත්ම තාක්ෂණයක් යැයි පැවසේ.

දැනට ලොව භාවිතයේ ඇති වේගවත් කැමරා වල සිදුවන්නේ මුලින් ඡායාරූපය ගැනීමට අවැසි වස්තුව වෙත ආලෝක දහරාවක් එල්ල කර හෝ එම වස්තුවට ලැබී ඇති ආලෝක ප්‍රමාණය අනුව වස්තුවේ ඒ ඒ ස්ථාන වලට වැටී ඇති ආලෝක තීව්‍රතාවය ලේසර් කිරණයක් ආධාරයෙන් ගණනය කර ඡායාරූපය සැකැසීමයි.ආලෝක ප්‍රමාණය ගණනය කිරීම සිදුවන්නේ ලේසර් කිරණයක් ආධාරයෙන් නිසා ඡායාරූපය ඉක්මනින් සැකසෙන අතර එකක් පසු පස එකක් වේගයෙන් ඡායාරූපද ගත හැකිය.

ජපාන පර්යේෂකයින් නිපදවා ඇති කැමරාවේ මේ ක්‍රියාවලියට එහා ගිය අලූත්ම තාක්ෂණයක් භාවිතයට ගෙන ඇත.කිසියම් කාලාන්තරයක් ඇතුලතදී වස්තුවේ විවිධ දිශාවන් ඉලක්ක කොට ගන්නා ඡායාරූප රැසකින් අවසානයේ ප්‍රධාන ඡායාරූපය සැකසීම මෙම කැමරාවේ සිදුවේ.එම ඡායාරූපයන් ගැනීමේ වේගය කෙතරම්ද යත් පර්යේෂකයින්ට අනුව කැමරාවට තත්පරයකදී ඡායාරූප ට්‍රිලියන 4.4 ක ප්‍රමාණයක් ගත හැකිය.

එක් අවස්ථාවකදී ගත හැකි ඡායාරූප ප්‍රමාණය අතින් මේ කැමරාව දැනට ලෝකයේ ඇති වේගවත්ම කැමරාවට වටා දහස් ගුණයකින් පමණ වේගවත් බව පැවසේ.

ඡායාරූප වග ගුණාත්මක භාවයද කැමරාවේ වේගය සේම ඉහළය.

මෙය ආධාරයෙන් රසායනික ප්‍රතික්‍රියා, වෛද්‍ය හා ඉලෙක්ට්‍රෝනික ක්ෂේත්‍රවල හඳුනාගත හැකි ඉතා සියුම් සංසිද්ධීන් හොදින් නිරීක්ෂණය කළ හැකිවනු ඇතැයි පර්යේෂක පිරිස පවසති.

- Lankadeepa