ජයලලිතා ජයරාම් වෙනුවෙන් ඉන්දියානුවන් එල්ලී මිය යාම්, ගිනි තබා ගැනිම්, බස්රථවලට පැණිම්, වස පානය, ඇගිලි කපා ගැනිම්

Admin | 30 Sep, 2014 07:58PM | Leave a comment
ජයලලිතා ජයරාම් වෙනුවෙන් ඉන්දියානුවන් ශොකය පල කරන අයුරු සිරුරට ගිනි තබා ගැනිම්, එල්ලී මිය යාම්, ධාවනය වන බස්රථවලට පැණිම්, වස පානය කිරිම්, ඇගිලි කපා ගැනිම්, මෙ වන විට 16 දෙනෙකු මරණයට

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් සිවු අවුරුදු සිරදඬුවමක්‌ ලැබුණු පුවත සැලවීමත් සමග ශොකයට පත් ජනයා සිය ශොකය පල කිරිම වෙනුවෙන් මෙ වන විට 16 දෙනෙකු සිය ජිවිතය කැප කර තිබෙනවා.

එ අතර හෘදයාබාධයන්ට ලක් විම්, සිරුරට ගිනි තබා ගැනිම්, එල්ලී මිය යාම්, ධාවනය වන බස්රථවලට පැණිම්, වස පානය කිරිම්, ඇගිලි කපා ගැනිම් වැනි නොයෙක් දේ ඉන්දියාවෙන් වාර්තා වේ.

දොළොස්‌වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් සිසුවියක්‌ හා තවත් අයෙකු සිරුරට ගිනි තබා ගැනිමෙන් පාසැල් සිසුවියගේ සිරුරෙන් සියයට 80ක්‌ම පිලිස්‌සී ගොස්‌ තිබෙනවා. අනෙක් පුද්ගලයාගේ සිරුරෙන් සියයට 65 ක්‌ම පිලිස්සි ගොස් තිබෙනවා.

තිරුපූර් ප්‍රදේශයේ පුද්ගලයෙකු ජයලලිතාට ලැබුණු සිරදඬුවම පිළිබඳ ඇසීමෙන් පසු ඔහුගේ අතක සුළැඟිල්ල ආයුධයකින් කපා ගෙන තිබේ.

ජයලලිතා මහත්මියගේ සිර මැදිරිය ඇඳක්‌, විදුලි පංකාවක්‌ හා වෙනම නාන කාමරයක්‌ ඇත. රාත්‍රි ආහාරය සඳහා බත් හා චපාති ලබාදුන්න ද ඒවා ප්‍රතික්‍ෂේප කර ඇති ඇය රාත්‍රි වේල සඳහා පලතුරු අවශ්‍ය බව දන්වා තිබේ.

වෛද්‍ය සී. ප්‍රේමචන්ද්‍රන් නමැති කොටි සමාජිකයකු පවසා ඇත්තේ ජයලලිතා කොටි සංවිධානයට රන් කිලෝ 100 ක්‌ ප්‍රදානය කර තිබූ බවයි