පුංචි අවදියේ නියපොතු කන්නේ යැයි ලැබූ තරවටු නිසා දිගටම නියපොතු වැවීමට ඉඩ හැර දැන් දෙඅතේම අඟල් 14 ක් පමණ දිගින් යුතු නියපොතු ඇතිව සිටින කාන්තාවක් ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.
ලාරූ ඩෘමොන්ඩ් නම් වන ඇය දැන් 54 හැවිරිදි සිව්දරු මවකි.
තමන් නියපොතු වැවීම ආරම්භ කළේ 13 වැනි වියේ සිට බව ඇය කියන්නීය.
දිග නියපොතු ඇති කාන්තාවක් දැක තමන්ට නියපොතු වැවීමට සිතක් පහළ වූ නිසා දිගටම නියපොතු වැවූ බවත් ඇය පවසන්නීය.
නියපොතු නඩත්තුවට ඇයට ඩොලර් දහස් ගණනින් වැය වන බවද සදහන්ය.
ඇය ඒවා වර්ණ ගන්වා, පබලූ වැනි දේ අලවා විචිත්‍ර ලෙස තබා ගන්නීය.
දිගු නියපොතු තිබුණේ යැයි කියා දෛනික වැඩකටයුතු වල යෙදීමට අපහසුතාවක් නැතැයි ඇය කියන්නීය.
-Lankadeepa
COMMENT