පිටරටදී හරියට නම් දැනගෙන ගිහින් මාළු ගන්න

Admin | 06 Nov, 2020 01:28PM | Leave a comment
පිටරට ඉන්න ගොඩ දෙනෙක් අහන ලොකු ප්‍රශ්නයක් තමයි අනේ මාළු ගන්න ගියාම මොනාද ගන්නේ ? ලංකාවේ මාළු මොනවද ? අපේ මාළු වලට ඉංග්‍රීසියෙන් කියන නම මොකක්ද?

මේ හැම ප්‍රශ්නයක්ම මටත් නොවඩුව තිබුනා. ලගකදී වෙනකම් මම මාළු ගන්න තැනට ගියාම ලජ්ජා බය නැතුව මාළු ගන්න අයගෙන් ඇයි එක ගත්තේ? එකෙන් මොනවද කරන්නේ කියලා අහනවා. විශේෂයෙන් ඉන්දියන් අයගෙන්. මිරිසට උයන මාළු කිරට උයන මාළු තමයි විශේෂයෙන් එයාලා ගන්නේ. ඒ අතර අරාබි ජාතිකයින් බේක් , BBQ සහ Grill කරන මාළු තමයි මිලට ගන්නේ.

ඉතින් මම හිතුවා ඔයාලට අපේ සිංහල නම් වලින් හදුන්වන මාළුන්ගේ ඉංග්‍රීසි නම් ටික කියන්න.
Mackerel Tuna ඇටවැල්ලා
Yellow fin tuna කෙලවල්ලා
Skipjack tuna බලයා
මේ වර්ග තුනම ගොඩක් දුරට සමානයි. වැඩියෙන්ම හොද ඇඹුල්තියල් වලට සහ මිරිසට. ලුණු ගම්මිරිස් දාලා තම්බලා ගත්තොත් කට්ලට් පැටිස් වලට හෝ වේලලා උම්බලකඩ දාන්න නියමයි.

Indian mackerel කුම්බලාව
බල මාළු නැති වෙලාවට මම ඇඹුල්තියල් දාන්නේ මේ මාලුවගෙන්. මිරිසට උයන්න්නත් කියාපු මාලුවෙක්. එවගෙම ඉස්ටු දාන්නත් හොදයි.

Spanish mackerel/ King fish / seer fish / king Mackerel තෝර මාළු
කහ පාටට කිරට උයන්න වගේම හීනි පෙති කපලා ගම්මිරිස් ලුණු කහ අතගාලා ගැඹුරු තෙලේ හෝ පෑන් එකේ බදින්න හරි බිස්කට් කුඩු තවරලා බදින්නත් ගොඩක් සුදුසුයි.

Sailfish තලපත්
අම්බුලතියල් දාන්න හොද මාලුවෙක්. කොටු කපලා තැඹිලි පාටට කිරි දාලා උයලා දාන වලට කිරි හොදි හදන්නත් රසයි.

Pony fish කරාල්ලා
ගොඩක් කටු තියන මාලුවෙක්. කාරල්ලගේ පොඩි පැටවුන් සුප් හදලා නැම්බිලියේ පොඩි කරලා පෙරලා බොන්න ගුණයි. ටිකක් ලොකු එවුන් ලුණු දාලා ගැඹුරු තෙලේ බදින්න හරිම රසයි. කෑම කඩවල මිරිස් බැදලා කාරල්ලෝ බැදලා තියනවා ගොඩක් වෙලාවට.

Sardines හුරුල්ලා
උෂ්න මාලුවෙක්. තැඹිලි පාටට හොද්ද උයන්න හෝ මිරිසට හින්දන්නත් පුළුවන්. ඉස්ටු දාන්නත් පුළුවන්.
කීරමින් / සාලයා
සලයාගේ පොඩි එවුන් කීරමින්. වේලලා කිරමින් කියන කරවලයට ගන්නේ මොවුන්. මිරිසට හින්දන්න , ලුණු ගම්මිරිස් කහ දාලා බදින්න නියමයි.

Anchovy හාල්මැස්සා
Indian anchovy හැදැල්ලා
පොඩි එවුන් හාල්මැස්සෝ ලෙසද තරමක් ලොකු එවුන් හැදල්ලන් ලෙසද හදුන්වනවා. අමු හාල්මැස්සෝ මිරිසට හින්දන්න , තෙල් දාන්න පුළුවන්.
හැදැල්ලන් කහ පාටට කිරි හොදි හදලා ඉදි ආප්ප කන්න නියමයි. තෙල් දාන්න , බදින්න , හින්දන්න මේ ක්‍රමයන්ටත් හරිම රසයි.

Travelly පරා මාළු
ඉස්ටු හදන්න , තැඹිලි පාටට හොදි හදන්න රස මාලුවෙක්.

Shark fish මෝර මාළු
කළු පාටට මිරිසට හින්දලා උයන්න හොද මාලුවෙක්.

Mullet fish ගල් මාළු
මාළු වල අංක එකේ මාළුවා . ගත්තොත් ඕන විදියකට හදන්න පුළුවන්. කිරට මිරිසට ඉස්ටු බේක් බදින්න මේ ඕන විදියකට රසයි. හැබැයි අපි ලංකාවේ නිතර දකින හැඩයට නෙමෙයි මෙහෙ ඉන්නේ. ඒ නිසා නම බලල අහලා ගන්න.

මීට‍ අමතරව මැද පෙරදිග බහුලව දකින්න ලැබෙන sheri මාළුවත් ගල් මාළු වලට සමාන මාලුවෙක්.
මේ අපේ දැනුමෙන් ලියපු ලිපියක්. වැරද්දක් හෝ යමක් එකතු කිරීමට තියනවනම් කාරුණිකව කමෙන්ට් එකකින් කියන්න.
හුදෙක් නොදන්නා අය වෙනුවෙන් මේ ලිපිය පල කරන්න හිතුවේ. දන්නා ඔබගේ වටිනා අදහස් බෙදා ගන්න.

Source - Sakura Rodrigo
https://www.facebook.com/slcuisines/posts/764530604123135



Full list -
Commercial group English Name (Common Name) Sinhala Name
Seer Spanish mackerel Thora
Wahoo Sawara
Paraw Jack, Trevallies Vattiya
Thumba parawa
Atanagul Parawa
Guru parawa
Balaya Skipjack tuna Balaya
Kelawalla yellowfin tuna Kelawalla
Other Blood fish Sail fish Thalapath
Marlins Kalu koppara
Nil koppara
Iri koppara
Sword fish Sappara
Big eye tuna Esgedi kelawalla/Kenda
Bullet tuna Ragodu/kombaya
Frigate tuna Alagoduwa
Kawakawa Attawalla
Sharks Mackerel shark Mee mora
Thresher shark Kasa mora
Requiem sharks-silky shark Honda mora/Bala maora
Ocean white strip shark Polkola mora
Blue shark Seeni mora/Hudja Mora
Hammerhead shark Udalu mora
Skate Batoid Fisher- shovelnose rays Baloliya
String rays Welli maduwa
Spotted eagle rays Vavoi maduwa
Javanees cownose rays valuvadi cownose ray
Numbfishers Electric ray
Manta and devil rays Ali maduwa and Anga maduwa
Rock Fish/Galmalu Spangled emperor Meewetiya/Atissa
Longface emperor Uru hota
Sharptooth jobfish Kalamee
Blubberlip snapper Badawa
Mangrove red snapper Thabalaya
Blackspot snapper Ranna
Malabar grouper Gas bola/Gal kossa
Wavylined grouper Lawaya
Coral hind Thabuwa
Sri Lanka sweetlips Boraluwa
Threadfin breams Suddaha
Parrotfishes Girawa
Rabbitfsh Orawa
Barracudas Jeelawa
Mullets Godaya
Shore Seine Trenched sardinella Bleeker's smooth belly Hurulla
Gal Hurulla
Smoothbelly Sardinells Keeramin
Rainbow sardine Thondaya
White sardine Wella sudaya
Shad Koiya
Goldstripe sardinella Kalawenna/Salaya
White sardinella Sudaya
Bigeye scade Bolla
Indian mackerel Kumbala
Anchovy Halmessa
Ribbon fish Savalaya
Gar fisher Habarali
Thryssa Lagga
Silverbiddies Thirali
Pony fish Kara Ila
llishas Puvali
Half beaks MoraIla
Flying fish Piyamessa
Prawns Giant river prawn Karadu issa
Indian white shrimp Kiri issa
Giant tiger prawn Karawandu issa
Green tiger prawns kurutu issa
Lobster Scalloped spiny lobster Weli issa
Ornate spiny lobster Devi issa
Pronghorn spiny lobster Gal issa
Painted spiny lobster Bathik issa/Raga issa
Slipper lobster Mada issa
Sapathuwa
Other Squids Bothal della
Ahin della
Cuttle fish Gebi della/Pothu della
Pothu della
Octopus Buwalla
Sea Cucumber (Beach de mer) Ham attaya/White tearfish
Welli attaya/Sand fish
Polan attaya/Black teatfish
Nul attaya/Chalky fish
Kalu attaya /Black fish
Rathu attaya/Pinkfish
Nari attaya/Lolyfish
Annasi attaya/Prickly redfish
Punattaya/Amberfish
Dabalaya/Green fish
Crabs Seenakali/Blue swimming crab
Kalapu kakuluwa/mangrove
crab
Mudu kakuluwa