May Most Venerable Bhikkhu Gonulle Assaji Maha Thero Attain Supreme Bliss of Nibbana

Admin | 11 Oct, 2022 03:57PM | Leave a comment
සංවේගයෙන් දැනුම් දීමයි.
With Deepest Sympathies, we share the news.

අති ගෞරවණීය භික්ඛු ගෝනුල්ලේ අස්සජී ස්වාමින් වහන්සේ ‌(1950-2022)
2022 ඔක්තෝම්බර් මස 09 වන වප් පුර පසළොස්වක පෝහෝ දින ලංඩන් ක්‍රොයිඩන් රෝහලේ දී හදිසියේ නමුත් සිහි නුවන් යුතුව අපවත් වී වදාළ සේක.

Most Venerable Bhikkhu Assaji Maha Thero ‌(1950-2022)
suddenly but very peacefully passed away on Vap Full Moon Poya Sunday 09th October 2022 at London Croydon Hospital.

ඉදිරි ආගමික කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ. වැඩි විස්තර සදහා මෙම වෙබ් අඩවිය හෝ පහත දුරකතන අංක ඇමතිය හැකිය.

Further religious and funeral activities will be arranged later. If you wish to get more information, please contact the following mobile numbers.

සංඛාරා නහි සස්සතා.
සංස්කාරයෝ සදාතනික නොවෙති.

Sankhara Nahi Sassata
Conditions are not eternal.

සම්බුද්ධ ශාසනයට අපරිමිත සේවාවක් සිදුකරමින් වසර 30 කට අධික කාලයක් එංගලන්තයේ වැඩ වාසය කල උගත් සිල්වත් ගුණවත් දක්ෂ යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිගරු ගෝනුල්ලේ අස්සජී ස්වාමින් වහන්සේ 2022 ඔක්තෝම්බර් මස 09 වන වප් පුර පසළොස්වක පොහෝදින ලංඩන් ක්‍රොයිඩන් රෝහලේ දී අපවත් වී වදාලහ. උන් වහන්සේගේ අපවත් වීම අප සියළු දෙනාටමත් සම්බුද්ධ ශාසනයටත් ඉමහත් පාඩුවකි. දෙස් විදෙස් ළමා වැඩිහිටි සැමට ඉංග්‍රිසි සිංහල භාෂාවන් මනාව හසුරුවමින් විශිෂ්ඨ ධර්ම ප්‍රචාරක සේවාවක තම සෞඛ්‍ය තත්වයන් පවා නොතකා නිරත වූ බෝධි සත්ව ගුණ පිරුණ සෑම දෙනාගේම ගෞරවයට පත් පිංවත් ස්වාමින් වහන්සේ නමකි. විවිධ රටවල වැඩ සිටින ස්වාමින් වහන්සේලාට, විහාරස්ථානවලට සහ දායක පිංවතුන්ට නිතර වැඩම කොට හදවතින්ම උපකාර කළහ.

Most Venerable Bhikkhu Assaji Maha Thero ‌(1950-2022) is a very humble, wise, kind, very skilful and highly respected Buddhist Monk who spent over 30 years in UK. He as a senior and educated monk (Bhikkhu) extended a great service to monks, temples and the communities in UK, Sri Lanka and many parts of the world. He spent his whole life very generously in service especially to children, adults and monastics without much attention even to his own health. He is a great, resourceful and active Dhammaduta Bhikkhu (Missionary Monk). It is a great loss to Sambuddha Sasana (Buddhist World) and all of us. We all are indeed indebted to his life and service.

අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං.
මේ ලොව අපට අයිති කිසිවක් නැත. සියල්ල හැරදා යා යුත්තෝ වෙමු.

Assako loko sabbam pahaya gamaniyam.
No ownership in this word. All have to pass on, leaving everything behind.

May he attain Supreme Bliss of Nibbana!
උන් වහන්සේට අජරාමර සංඛ්‍යාත උතුම් අමා මහ නිවන් සුව අත්වේවා!

අපගේ සාතිශය සංවේගය!
Our Deepest Sympathies!



අකුරළ සමිත හිමිපාණන් සහ දායක සියළු දෙනා
ලෙච්ර්ත් ධම්ම නිකේතනය බෞද්ධ මධ්‍යස්ථානය

Venerable Akurala Samitha & all at
Letchworth Dhamma Nikethanaya Buddhist Centre

තෙරුවන් සරණයි ! බුදු සසුන බැබලේවා !
---------
Venerable Akurala Samitha
Head of the Centre

Dhamma Nikethanaya Buddhist Cultural Centre
For Education Meditation Psychotherapy & Counselling

Registered Charity In UK, Reg. No. 1116187

69 Pix Road, Letchworth, Hertfordshire SG6 1PZ. England

Tele/Fax: (+44) 01462 641688
Mobile: (0044) 07983466105

Emails: dhammanikethanaya@gmail.com
buddhistacademy@gmail.com

Website: www.letchworthbuddhism.com
www.buddhistacademy.com