69 වන නිදහස් සැමරුම හා පණ්ඩිත් අමරදේව ගුණානුස්මරණය

tmadawela | 13 Feb, 2017 07:44PM | Leave a comment

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පවත්වන නිදහස් අනුස්මරණය දිවංගත පණ්ඩිත් අමරදේවයන් ද සිහිපත්කිරීම ද අනිවාර්ය අංගයක් කොට ගනිමින් විහාරාධිපති පූජ්‍යපාද පරවාහැර චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පසුගිය දා විහාරස්ථ ධර්ම ශාලාෙවි දී පැවැත් වුණි. උත්සව සභාව සවස 3.00ට ආරම්භ වූ අතර මුලසුන හොබවන ලද්දේ පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති සාහිත්‍යශූරී පූජ්‍යපාද කෝන්ගස්දෙණියේ ආනන්ද හිමිපාණන් විසිනි. මේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ප‍්‍රංශ ශ‍්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මැතිතුමා වූ අතර එතුමා දේශනයක් පවත්ත්වමින් කියා සිටියේ සමස්ථ ශ‍්‍රී ලාංකේය ජනතාව ජාති භේදයකින් තොරව එකාමෙන් ජීවත් විය යුතු බවත් අතීතයේ විදේශීය ආක‍්‍රමණ වලට මුහුණ දීමට හැකි වූයේ ලංකාෙවි සියථම ජනකොටස් අසාධාරණය හමුවේ එකාමෙන් නැගී සිටි නිසා බවත් කියාය.

උත්සව සභාෙවි විශේෂ දේශනය පවත්වන ලද්දේ මුලසුන හෙබවූ පුජ්‍යපාද කෝ. ආනන්ද හිමිපාණන් වහන්සේ විසිනි. හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙසින් විරුදාවලිය ලත් අභාවප‍්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන් අනුස්මරණය උත්සව සභාවේ දෙවන ප‍්‍රධාන අංගය වූ නිසාත් එතුමාගෙන් ලාංකේය සංගීත ක්‍ෂේත‍්‍රයට සිදුවු සේවාව යන මැයෙන් විශේෂ දේශනය පැවැත් වූ හිමිපාණන් අමරදේව ගීත සාහිත්‍යය පිළිබ`දව රසාස්වදයක් ද සිදු කළහ. එසේම අමරදේවයන්ට පින් පැමිණවීමේ පිංකම පෙරවරු කාලයේ දී පැවැත්වූයේ මහා සංඝරත්නය හා විශාල දායක පිරිසකගේ සහභාගිත්වයෙනි.

ඉපිද මැරේ යලි ඉපදේ වැනි අමරදේවයන් ගායනා කළ උසස් ගීත වල හරවත් බව තේරුම් නොගත් වර්තමානයේ ගායකයන් යැයි කියා ගන්නා ඇතැම් අය මෙම ගීත තරුණ පරම්පරාව අකර්මන්‍ය කරන බවට විවේචනය කරන බව මෙහිදී කෙටි දේශනයක් පැවැත්වූ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණේස්සර නාහිමියෝ පැවසූහ. අවසානයේ දී ස්තූති කතාව පවත්වන ලද්දේ විහාරාධිපති පූජ්‍යපාද පරවාහැර චන්දරතන නාහිමිපාණන් වූ අතර හෙල දීපයට මහා මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ රජවරු හා පසුකාලීනව රට නිදහස් කර ගැනීමට කටයුතු කළ හෙළ විරුදරුවන් ද කෘතඥතා පූර්වකව සිහිපත් කළහ. පිළිගැනීමේ කතාව පවත්වන ලද්දේ පූජ්‍ය කැන්දවින්නේ රාහුල හිමියන් විසිනි. මෙම උත්සව අවස්ථාවට පූජ්‍යපාද මාපළගම ජිනානන්ද හිමියන් හා ද සහභාගි වූහ.