විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය?

Ziggy | 01 Jan, 1970 12:00AM | Leave a comment

විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ‘රට ගිය ඇත්තෝ ‘සංවිධානය ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී.


ලොව පුරා ලක්ෂ 28 ක් පමණ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් සිටින බවත්, ලක්ෂ 20 ක් පමණ තම සංවිධානය හා ඍජුව සම්බන්ධ වන බවත් පැවසූ එම සංවිධානයේ ජාත්‍යන්තර සංවිධායක තුෂාර කුරේරා එම සංඛ්‍යාව රටක පාලන බලයක් තීන්දු කළ හැකි බලවේගයක් බවත් ප්‍රකාශ කළේය.

එම පිරිස මැද පෙර දිග, යුරෝපය, කොරියාව සහ මැලේසියාව යන රටවල පැතිර සිටින බව ඔහු සඳහන් කළේය.

2009 සිට විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට පියවර ගන්නා ලෙස වග කිව යුත්තන්ගෙන් ඉල්ලීම් කරමින් විවිධ අවස්ථාවල එදෙස බලා සිටි බවයි ඔහු ප්‍රකාශ කළේ.

2015 වසරේ දී සියලු දෙනාම සාමාජික වශයෙන් එකතුවී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට වටිනාකමක් ලබා දෙන ලෙසට කණ්ඩායමක් වශයෙන් ප්‍රවෘර්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි බව ‘රට ගිය ඇත්තෝ’ සංවිධානයේ ජාත්‍යන්තර සංවිධායක තුෂාර කුරේරා පැවසුවේය.

වත්මන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන්ට අවස්ථාවක් ලැබුණු බව පැවසූ ඔහු විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට , විශේෂයෙන් රැකියාවල නිරතව ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන සේවක සේවිකාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ඇති කිරීම සහ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා ගැනීමට සම්බන්ධයෙන් සාකච්ජා කළ බව ප්‍රකාශ කළේය.

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමේ අවශ්‍යතාව තම සංවිධානය විසින් මාධ්‍ය හමුවක් පවත්වා අවධාරණය කොට ඇති බවත් ‘රට ගිය ඇත්තෝ’ සංවිධානයේ ජාත්‍යන්තර සංවිධායක තුෂාර කුරේරා පැවසුවේය.

-bbc/sinhala