කට ඇති පුතෙකු හා රැව ඇති දුවකු ලැබීම සෑම දෙමාපියෙකුගේම පැතුමයි.
ලංකා ඉතිහාසය ගත් කළ බොහෝ කට ඇති පුතුන් අපට සිටියහ. සමහරැන් දේශපාලනය පැත්තෙන් තම වැඩ පෙන්වූහ. තවත් සමහරෙකු ආගමික අංශයෙන් තම සේවය රටට කළහ. තව පිරිසක් තම කටින් වැඩ ගනිමින් නිවේදකයෝ සහ ගායකයෝ වූහ. මේ අතර තවත් ඇත්තෝ තම කට නිසාම දිවිය පවා අහිමි කර ගත්හ. ඒ කට අවියකට වඩා ප්‍රබල වූ විටය. එමෙන්ම කටින් බතල හිටවන්නෝ සහ කටින් ණයට කහින්නෝද මේ විෂම වූ සමාජයේ අපට හමු වූහ.
මාළුවා නහින්නේද කට නිසාය. එහෙයින් කට පාවිච්චි කළ යුත්තේ හොඳින් සිතා බලා පරිස්සමටය.
නමුත් මා අද කතා කරන්නට යන්නේ
මේ කිසිවකුත් ගැන නොව ගායනය සඳහා තම කට හඬ නැනවත්ව හා දක්ෂ ලෙස යොදා ගත් ලංකා පුත්‍රයකු ගැනය.
තම කට හඬින් වැඩ ගත් ගායකයන් මෙන්ම ඔවුන්ගේ කට හඬ යොදාගන තමන්ගේ වැඩ පෙන්වූ සංගීතවේදීන්ද අපේ රටේ මෙන්ම ලෝකයේත් බොහෝ උන්හ.
යමෙකුගේ කට හඬ, තමන්ගේ ඇඟිළි සලකුණ මෙන්ම ඒ ඒ පුදගලයාටම අනන්‍යවූ සාධකයක් බව ජීව විද්‍යාත්මක සත්‍යකි.
පියාගේ කට හඬ යම් ආකාරයට ජානමය සම්බන්ධයෙන් උරැම කරගත් පුතුන් පියාට බොහෝදුරට සමානව ගී ගැයූහ. එය එතරම් අරැමයක් නොවිණි.
COMMENT