Mahamevnaawa opens its 4th UK Branch

tmadawela | 01 Jan, 1970 12:00AM | Leave a comment
Under the guidance of the founder of the Mahamevnaawa Buddhist Monasterym Sri Lanka, Ven. Kiribathgoda Gnaanaanada Thera the Mahamevnaawa International Meditation Centre in the UK has opened its 4th branch on the Saturday 9th May in Stanmore.

The 4 bedroom semi-detached property at 56 Vernon Drive, Stanmore, Middlesex, HA7 2BT, was donated to the Sangha community by a Sri Lankan family. They said that when they decided to move from Stanmore to a new place outside London instead of selling the old home they decided to donate it to the Maha Sangha who are carrying on a noble service in spreading the Dhamma in the UK.

Ven. Katuneriye Dhammadewa Thera and Ven. Anuradhapura Kalyaanaseela Thera attended the opening of the new temple premises to perform the religious programme and accepted the property on behalf of "all the Maha Sangha in the Sasana at present and in the future".

Ven Dhammadewa Thera in a Dhamma sermon said that "offering shelter to monks is a great meritorious deed that will bring great spiritual benefits as it amounts to offering to the eighty great Arahants lead by the Venerables Sāriputta, Moggallāna the chief disciples of the Buddha and Mahaa Kassapa Maha Thera.This is possible because the Noble Sangha, the true sons of the Buddha, by their powerful virtues, permeate influence and honour even today."

The day began with the Buddha Puja and Buddha Vandanaa and offering of Dhana to the Maha Sangha. Ven. Anuraadhapura Kalyaanaseela Thera delivered an Anusaasanaa and thanked everyone who attended the ceremony.

Mahamevnaawa International Meditation Centre is situated at DhammaLand, Hardings Elms Road, Crays Hill, Billericay, Essex CM11 2UH. The Uxbridge branch is at Dhamma Land, 225, Windsor Avenue, Hillingdon, Middlesex,UB10 9 BD.The Surrey branch is at Dhamma Land, 2, Arran Way, Esher, Surrey,KT10 8BE.

There are monthly programmes in temporary venues in Watford, New Maldon and Hounslow.

Photographs by Tissa Madawela

 

ලන්ඩන් දහම් විලෙහි විකසිත සුගන්ධිත පද්මයක් 

ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපු සංචිතයේ නවතම ශාඛාව පසුගිය 9 වෙනි සෙනසුරාදා උතුරු ලන්ඩනයේ ස්ටැන්මෝර් නගරයේදී ආරම්භ කරනු ලැබිය. මෙය ලන්ඩන් නුවර විවෘත කෙරුන මහමෙව්නාව 4 වන ශාඛාවයි.

2009 දී පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ උපදේශකත්වයෙන් ඉතා සුළුවෙන් ආරම්භ කෙරුන බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව වසර 6 ක්වැනි කෙටි කාලයක් ඇතුලත විශාල සැදැහැවතුන් සංඛ්‍යාවකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇත. දැනට එහි මුලස්ථානය පිහිටා ඇත්තේ ලන්ඩන් නුවරින් බැහැර නිසංසල ගම්බද පරිසරයකින් යුතු බැසිල්ඩන් නගරයේයි.

ලන්ඩනය වැනි අති විශාල නඟරයක සෑම පළාතකම ජීවත්වන බොදු සැදැහැවතුන්හට ආගමික කටයුතු සඳහා සහභාගිවීමට පහසුවන අන්දමට ඔවුනගේ ඉල්ලීම් සලකා බලා එම බැතිමතුන් වැඩිවශයෙන් ඉන්නා ප්‍රදේශයන්ට ආසන්නව අලුතින් මහමෙව්නා අසපු ආරම්භ කිරීම සුදුසුබවට පෙනීගිය නිසා ඉඩප්‍රස්ථා ලැබෙන අවස්ථාවල අලුත් අසපු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇත.මහමෙව්නාව අසපු කරා විවිධ ප්‍රදේශයන්ගෙන් ඇදී එන සැදැහැවතුන්ගේ ඉල්ලීම් සලකා බලමින් අවකාශයක් ලැබෙන අවස්තාවලදී ලන්ඩන් නුවරින් බැහැර අනෙකුත් නගර වලද අසපු ශාඛා ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක්ද ඇත.ස්ටැන්මෝර් අසපුව සඳහා නිවාසයක් පුජාකර ඇත්තේ සැදැහැවත් ශ්‍රී ලාංකික යුවලක් විසිනි. සෙනසුරාදා උදේ 9 යට මහමෙව්නා අසපුවාසි පුජ්‍ය කටුනේරියේ ධම්මදේව හිමියන් සහ පුජ්‍ය අනුරාධපුර කල්යානශීල හිමියන් වෙත එම ගොඩනැඟිල්ලේ යතුරු පුජා කිරීමෙන් එය සඟ සතු කෙරුණි.

පුජ්‍ය අනුරාධපුර කල්යානශීල හිමියන් එම අසපුවේ වැඩකටයුතු භාරව වැඩසිටිනු ඇත. උන්වහන්සේට සහායවීම සඳහා ළඟදී ශ්‍රී ලංකාවේ සිට තවත් ස්වාමින් වහන්සේලා වැඩම කරවනු ඇති බවද දැනගන්නට ලැබුණි. විදේශ ධම්මදුත කටයුතු සඳහා වැඩමකරවන මහමෙව්නා අසපුවාසී ස්වාමීන් වහන්සේලා ඒ ඒ රටවල භාවිතාකරන ප්‍රධාන භාෂාවන් හැසිරවීමේ හැකියාවක් සතිත හිමිවරුන් වෙති.

අප්‍රේල් 25 වනදා සරේ ප්‍රාන්තයේ ඉෂර් නගරයේත් අප්‍රේල් 28 වනදා ලන්ඩනයේ හිලින්ඩන් නගරයේත් නව අසපු ආරම්භ කෙරුණි.
මේවායේ එම ප්‍රදේශ අවට ඉන්නා බැතිමතුන් සඳහා දෛනිකව බුද්ධ පුජා, දාන, බුද්ධ වන්දනා සහ පරිත්ත දේශනා පැවැත්වෙන අතර පසලොක්වක පොහෝ දිනයන්හි අමතර සීල, භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්චා වැඩසටහන් පැවැත්වෙයි. අසපු පිහිටා ඇති ගොඩනැඟිලිවල ඇති ඉඩකඩ සීමා සහිත වීමත් අවට පදිංචි අයට අපහසු තාවයක් ඇති වීමේ අවස්ථා අවම කරගැනීම අත්‍යාවශ්‍ය නිසාත් වෙසක්, පොසොන් වැනි සුවිසේශී පොහොදිනයන්හි කෙරෙන වැඩසටහන් මෙන්ම සෑම ඉරුදිනකම දරු දැරියන් සඳහා පැවැත්වෙන දහම් පාසල්ද මෙමෙ අසපු මඟින් ආසන්නව පිහිටි ඉඩපහසුකම් සහිත ශාලාවක පවත්වයි.

ලන්ඩන් නුවර මහමෙව්නාව අසපුවාසී භික්ෂුන් වහන්සේ විනය ගරුකව සිල්වත්කමින් හා ගුණවත්කමින් යුක්තව දවසේ වැඩකටයුතු වල යෙදී සිටිති. උන්වහන්සේලා හිමිදිරි පාන්දර 4 ට අවදිවෙති. පැන්පහසුවී අවසන්ව බුද්ධ වන්දනාව සහ බුද්ධ පුජාව උදේ 6 ට පවත්වති. මෙහිදී සතර සතිපට්ඨාන සහ සතර කමටහන් සජ්ජායනාකිරීමද සිදුවෙයි. උදේ 6 ට පෙර සැදැහැවතුන් හීල්දානය ගෙනවිත් පුජාකරනු ලබයි. සමහර අවස්ථාවල සතියේ දිනවලදීනම් දානය බාරගත් පින්වතුන් රාජකාරි සඳහා යායුතු නිසා දානය පුජාකර පිටත්ව යාමද සිදුවෙයි.

පුජා නොකළ කිසිවක් පරිහරණය කිරීම අසපුවාසී හිමිවරුන් අතින් සිදුවන්නේ නැත.  දහවල දානයද කලින් බාරගත් අයවිසින් උදේ 10.30 වනවිට ගෙනැවිත් පුජා කරනු ලබයි. දහවල් 11 ට බුද්ධ පුජාව සහ බුද්ධ වන්දනාව පැවැත්වෙයි. සවස 6.30 ට බුද්ධ වන්දනාව සහ පරිත්ත දේශනා පැවැත්වෙයි. මීට අමතරව දාන සීල භාවනා ධර්ම දේශනා ධර්ම සාකච්චා වැඩසටහන්ද දහම් පාසල්ද පැවැත්වෙයි.
මේ සියලු කටයුතු කෙරෙන්නේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ අනුසාශනා සහ උපදෙස් පරිදිය.
සෑම අසපුවකම විශාල ප්‍රමාණයක ධර්ම ග්‍රන්ථ, ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා ඇතුලත් සීඩී සහ වීඩියෝ පට සහිත පොත්ගුල්ද ඇත.

ස්ටෑන්මෝර් අසපුව සඟ සතුකිරීමේ අවස්ථාවේදී ධර්මානුසාශනාවක් කල පුජ්‍ය කටුනේරියේ ධම්මදේව හිමියන් මහා සංඝ රත්නය වෙත සේනාසන පුජා කිරීමේ මහත්ඵල මහානිසංශ විස්තර කරදුන්නේය. මෙම සේනාසන පුජාවට සම්බන්ධවූ සියලුම දෙනා "බුදුරජානන් වහන්සේ නමක් වැඩම නොකළ ශ්‍රාවකයින් නොසිටි එංගලන්තය වැනි දුර බැහැර රටකට පැමිණ මෙවන් මහාර්ඝ පුණ්‍ය කර්මයක් සිදුකිරීමට ලැබීමත් ඒ සඳහා සම්මාදන් වීමට ලැබීමත් අප සැමගේ සංසාර පුරුද්දකින් රැගෙන ආ පින්බලයකින් සිදුවූවක් විය හැකි" බවද උන්වහන්සේ පැවසුහ.
සුපටිපන්න,උජුපටිපන්න,ඥානපටිපන්න, සාමීචි පටිපන්න ගුණයෙන් යුතු සාරිපුත්ත, මොග්ගල්ලාන,මහා කාශ්‍යප වැනි මහ රහතන් වහන්සේලා සිහිපත් කරමින් වර්තමානයේ වැඩ සිටින අනාගතයේ පහලවන්නාවූ සිව් දිසාවෙහි වැඩ සිටින පැමිණි නොපැමිණි සියලුම මහා සංඝ රත්නය උදෙසා මේ සේනාසනය පුජා කරමි, පුජා වේවා යැයිද සාදු නාද මැද්දේ උන්වහන්සේ ප්‍රර්ථනා කර සිටියහ.