ජාත්‍යන්තර සාම දිනය ජිනීවාහිදී සැමරේ

tmadawela | 05 Apr, 2016 07:23PM | Leave a comment
ලොව කිතුණුවන්ගේ අධ්‍යාත්මික නායකයානන් ලෙස ශුද්ධවූ පාප් වහන්සේගේ මඟපෙන්වීමෙන් යුතුව වාර්ෂිකව ජිනීවා නගරයේ සාන්ත නිකොලා ආසන දෙව් මැදුරේදී පැවත්වින ලෝක සාම දින සැමරීමේ උත්සවය කතෝලික යුදෙව් ඉස්ලාම් හ බෞද්ධ නායකයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා උත්කර්ෂවත්ව සිදු කෙරිණ.

ජිනීවා බෞද්ධ විහාරාධිපති පුජ්‍ය ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ ලෝකවාසී බෞද්ධයන් නියෝජනය කරමින් ඊට සහභාගී වූ අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතා සහ බොහෝ රටවල තානාපති නිලධාරීන් ද සම්භාවනීය අමුත්තන් රාශියක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.එක්සත් ජාතීන්ගේ වතිකානු තානාපති අග්‍ර රාජගුරු ප්‍රසාදී තුමා සිල්වනෝ තොමසි පියතුමා උත්සවය මෙහෙයවිය.