දෙවන එළිසබෙත් මහ රැජිණ සහ පිලිප් කුමරු 73 වන විවාහ සංවත්සරය සමරයි

දෙවන එළිසබෙත් මහ රැජිණ සහ පිලිප් කුමරු 73 වන විවාහ සංවත්සරය සමරයි

මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ සහ එඩින්බර්ග්හි ආදිපාදවර පිලිප් කුමරු අද (20) සිය 73 වන විවාහ සංවත්සරය සමරනවා. ඒ වෙනුවෙන් ඔවන් දෙදෙනා වින්සර් මාළිගයේ සිට ගන්නා ලද ඡායාරූපයක්‍ මාධ්‍යයට නිකුත් කර තිබුනා.

දැනට 94 වන වියෙහි පසුවන එළිසබෙත් රැජණ 1947 නොවැම්බර් 20 වනදා පිලිප් කුමරු හා විවාහ වන විට 21 වන වියෙහි පසු උනා. මේ වන විට සිය ජීවන මගෙහි 99 වන කඩඉම පසු කරන පිලිප් කුමරු සියළු රාජ්‍ය කටයුතු වලින් විශාම ගෙන සිටිනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් රාජකීය යුවල මාස කිහිපයක් පුරාවටම බකින්හැම් මාළිගයෙන් ඉවත්ව වින්සර් මාළිගාව තුල ජීවත් වන අතර වසංගතය නිසාම විවාහ සංවත්සරය උත්සවාකාරයෙන් සැමරීමක් සිදුවන්නේ නෑ.

අද මාධ්‍යයට නිකුත් වූ ඡයාරූපයේ රාජකීය යුවල, සිය විවාහ සංවත්සරය වෙනුවෙන් ජෝර්ජ් කුමරු, චාර්ලට් කුමරිය හා ලුවී කුමරු යන මුණුබුරු මිණිබිරියන් විසින් නිර්මාණය කරන ලද සුබපැතුම් පතක් පරික්ෂා කරන අන්දම විදහා දැක්වෙනවා.

Thilan Jayasekara

Contributing writer at API Sri Lankan, bringing you the latest news and stories from the community.

Comments

Never Miss a Story

Stay connected with the latest news and updates from the Sri Lankan community in the UK