ජනහඬ මිලිබෑන්ඩ්ට ඇත්ත කියාදෙයි.
පසුගියදා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත්කළ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන්ඩ
් එහි දෙමල ප්‍රජාව පමණක් සඳහන් කිරීම පිළිබඳව එංගලන්තයේ වෙසෙන සිංහල පිරිස් සිය විරෝධය පලකිරීමේ පසුබිමක් පවතිද්දී ලන්ඩන් නුවර හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස්, උප සභාපති ශිරාන් අල්මේදා, සුර්යා සමරවීර සහ ලරිෂා ඩයස් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සීමා මල්හෝත්‍රා මුණගැසී ඒ සම්බන්ධ කරුණු පහදාදී සිදුවූ අතපසුවිම නිවැරදි කිරීමට ඔවුන් කැමති කරවාගෙන ඇත.
මෙම හමුවීමේදී බ්‍රිතාන්‍යයේ චන්දය හිමි සිංහල, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන ජනකොට්ඨාශයන්ට අයත් පිරිස්ද විශාල සංඛ්‍යාවක් ජිවත්වන බවත් ඔවුන්ගේ කැමැත්ත දිනාගනිමද කම්කරු පක්ෂයේ ජයග්‍රහනය උදෙසා වැදගත් වන බවද පැහැදිලි කරදී ඇත.
ශ්‍රී ලංකාව පිළිබඳව මිට වඩා පුළුල්ව සිතාබලා කටයුතු කිරීමද සාධාරණ බව ඔවුන් පෙන්වා දී ඇත.
එඩ් මිලිබන්ඩ් ව්සින් සින්හල සහ දමිල අලුත් අවුරුද්දක් වෙවායි පතමින් ඉදිරියටත් ශ්‍රිලන්කික සින්හල සහ අනිකුත් ජාතීන් සමග සුහදව වෑඩ කිරීමටත් ශ්‍රිලන්කිකයන් වශයෙන් ලෙබර් පාටිය සමග සම්බන්ද වී වෑඩ කිරීම ගෑන ඉතා සතුටු වන බවත් ලෙබර් අන්ඩුවකින් රෑකිය සහ අනිකුත් පහසුකම් ලබා දෙනබවත් පවසන ලදි. තරුන පරපුර ගෑනද උනන්දුවෙන් වෑඩ කරන බවත් පවසන ලදි..මේ සම්බන්දව විඩියො හඩ පටියක් ද නිකුත් කර ඈත...
JANAHANDA
COMMENT